රටක් ආදරය කරන ජනප්‍රිය නර්ථන ශිල්පිනී අසේකා විජේවර්ධනගේ විවාහ උත්සවයේ සොඳුරු දසුන් (PHOTOS )

By Sithumi Aug 05, 2022 04:33 PM GMT
Sithumi

Sithumi

Report

අපේ කළා ක්ෂේත්‍රය තුල සිටින ජාත්‍යන්තරය තුලද නම රැන්දූ නව පරපුරේ ප්‍රතිභාපූර්ණ නර්තන ශිල්පිනියක් තමයි අසේකා විජේවර්ධන කියලා කියන්නේ.

ඉතින් ප්‍රවීණ සම්මානනීය නර්තනවේදී ආචාර්ය චන්න විජේවර්ධනගේ සහ නර්තන කලාවටම නම් දැරූ පණීභාරත පවුලේ දියණිය වන උපුලී පණීභාරත කියන මේ ආදරණීය යුවළගේ එකම දියණිය තමයි අසේකා කියලා කියන්නේ. ඉතින් උපතින්ම නර්තන හැකියාව මෙලොවට ගෙනා ඇය සිය දෙමව්පියන් වගේම අතිදක්ෂ නර්තන ශිල්පිණියක වන ඇය සුන්දර රුවකට මෙන්ම හැඩැති සිරුරකට හිමිකම් කියන බව කාටත් රහසක් නම් නෙවෙයි.

ඒත් එක්කම අපේ රටේ පවතින බොහෝ විශේෂ උත්සවයන්, සම්භාෂණ වගේම සම්මාන උළෙලවල වලදී බොහෝ විට ආරම්භක නර්තනය සිදු කරන්නේ ඇය විසිනුයි. ඉතින් ඒ වගේම හැම අවුරුද්දකම පැවැත්වෙණ රිදී රැයක් ප්‍රසංගයන් සඳහා අඛණ්ඩව සම්බන්ධ වූ කළා ශිල්පීන් අතර ඇය ද කැපීපෙනෙන චරිතයක් කිවුවොත් හරියටම හරි.

ඉතින් ඇය මනරම් නර්තනයට කවුරුත් කැමති බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් මේ රටක් ආදරය කරන දක්ෂ නර්තන ශිල්පිනියක් වන අසේකාගේ විවාහ උත්සවය පහුගිය දවසක අපේ රටේ කල තරු පිරිවරාගෙන පවත්වලා තිබුණා. ඉතින් ඇය මේ විදිහට විවාහ වෙලා තිබුනේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරා වන ජනික් ජයසූරිය සමඟයි. 

ඉතින් ඒ වගේම මෙම ජයටම සමරපු විවාහ උත්සවය පවත්වලා තිබුනේ අපේ රටේ ජනප්‍රිය තරු හෝටලයක් වන Shangri La හෝටලයේදී වීමද විශේෂයි. ඉතින් මේ ජීවිතයේ තවත් කඩයිමක් සාර්ථක කරගන්න වාසනාවන්ත වුනු මේ ආදරණීය යුවලට අපිත් හදවතින්ම සුබ පතන ගමන් මේ ආදරණීය යුවලගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha