ඇස්බැස්ටෝස් තහනමක්

banned mahinda amaraweera school roof asbestos
By Sewvandhi Jul 01, 2021 03:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාසල් සහ පෙරපාසල් වල අලුතින් ඉදිකෙරෙන වහලවල් සඳහා ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. අමාත්‍යවරයා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඊට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට ලැබී ඇති බවයි.

එමෙන්ම ලන්ච් ෂීට් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම වෙළඳපොලෙන් ඉවත් කිරීමට අදාළ පියවර ගන්නා බවද පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර, ප්ලාස්ටික් බෝතල් භාවිතය අවම කිරීම සඳහා ඒවා තහනම් කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණයට අදාළ විකල්ප යෝජනා ඉදිරි සති 02 තුළ ඉදිරිපත් කරන බවට ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන සමාගම් එකඟතාවය පළ කර තිබෙනවා.

ප්ලාස්ටික් බෝතල්වල නිෂ්පාදන අලෙවි කිරීමේදී පාරිභෝගිකයන්ගෙන් තවත් රුපියල් 10ක මුදලක් තැන්පතුවක් ලෙස ලබාගෙන වෙළඳසැලට නැවත එම බෝතලය ලබාදීමේදී එම තැන්පතු මුදල යළි පාරිභෝගිකයා වෙත ලබාදීම සඳහායි මේ වනවිට පරිසර අමාත්‍යංශයට යෝජනා ඉදිරිපත් වී ඇත්තේ.

එලෙස ප්ලාස්ටික් බෝතල් එකතු කර ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමට පරිසර අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. ප්ලාස්ටික් සහ පොලිතින් මගින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා පොලිතින් නිෂ්පාදන කිහිපයක්ම පසුගියදා තහනම් කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha