ලෙඩ වෙනවා! එක්තැන් වෙනවා! හිටිහැටියේ මැරෙනවා! අපේ කලාකරුවන්ට මොකක්ද මේ වෙලා තියෙන අපලය ? මේ වෙනුවෙන් කලාකරුවන් කරන්න යන දේ මෙන්න(PHOTOS)

By Sewvandhi Nov 26, 2021 10:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කලාකරුවන් යනු නිරන්තරයෙන් පොදු ජනතාවගේ සතුට වෙනුවෙන් කටයුතු කරන පිරිසකි. කිසියම් කලාකරුවෙකුට කරදරයක් සිදු වූ විට රටේ පොදු ජනතාවද කලබලවන්නේ ඒ නිසාය. කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ තත්ත්වය මත මේ කාලය සෑම අතින්ම කලාකරුවන්ට අහිතකර කාලයකි.

ඒ අතරතුර මෙරට කලාකරුවන් මියයෑම සහ රෝගී වීම අසාමාන්‍ය ආකාරයෙන් වැඩි වී ඇති බවද බොහෝ දෙනාගේ අදහස වී ඇත. ඕනෑම කෙනෙකු ලෙඩ වීම සහ මියයෑම සාමාන්‍ය දෙයක් වුවද, දේශීය කලාකරුවන් සම්බන්ධයෙන් සලකා බැලීමේදී එය සාමාන්‍ය තත්ත්වයෙන් එහාට ගොස් ඇති බවක් පෙනෙන්නට ඇත. පසුගිය කාලය විමසා බැලීමේදී එය පැහැදිලිව දැකගත හැක. ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතා පසුගියදා අප අතරින් වියෝ විය.

දශක ගණනාවක් පුරා මෙරට කලා කෙත අස්වැද්දූ විජේසේකර මහතා මියයන විට 73 වැනි වියේ පසුවිය. ගිරිරාජ් කෞශල්‍ය, සරත් චන්ද්‍රසිරි සහ සම්පත් තෙන්නකෝන් යන කලාකරුවන් තිදෙනාද මේ වනවිට අසනීපයෙන් යුතුව රෝහල් ගතව ඇත. මේ අතරින් ඇතැම් කලාකරුවන් මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ ආරංචි පැතිර ගියද, රටේ ජනතාවගේ වාසනාවට එම ආරංචි බොරු ඒවා බවට තහවුරු විය.

කලක් පීඩා විඳි රෝගී තත්ත්වයක් නැවත මතු වීම හේතුවෙන් ගිරිරාජ් කෞශල්‍ය මහතා මේ වන විට විවේකී සුවයෙන් පසුවන බව දැනගන්නට ඇත. පසුගිය දිනෙක ඒ මහතාගේ උපන්දිනයද යෙදී තිබුණු අතර වෙනදාට වඩා වෙනස් ආකාරයකින් උපන්දිනය සැමරීමට කෞශල්‍ය මහතාට සිදු විය. සරත් චන්ද්‍රසිරි මහතා අසනීප වී ඇත්තේ පසුගිය දා ඇල්පිටියේ පැවැති වේදිකා නාට්‍යයක රංගනයේ නිරතව සිටියදීය. ජනක් ප්‍රේමලාල් මහතාගේ වේදිකා නාට්‍යයක ඒ ආකාරයෙන් රංගනයේ නිරතව සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් නිසා චන්ද්‍රසිරි මහතා රෝහල් ගත කර ඇත.

ඒ මහතා තවමත් පසුවන්නේ රෝහල්ගතවය. ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ස්වාමි පුරුෂයාවන රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතාද මේ වන විට අසනීප තත්ත්වයෙන් රෝහල් ගතව ඇත. අසනීප තත්ත්වය හේතුවෙන් තම රංගන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට ඒ මහතාටද සිදුව ඇත. මේ සියලු දෙනාම මෙරට ජනතාවගේ හදවත් සුවපත් කිරීමට තම ජීවිත කාලය කැප කළ කලාකරුවෝය.

කලාවට එහා ගොස් ජනතාව වෙනුවෙන් තම මෙහෙවර ඉටු කිරීමටද මේ සියලු කලාකරුවන් කටයුතු කර ඇත. තමන් සතුටු කළ මේ අසහාය කලාකරුවන් විපතට පත් වී ඇති මොහොතේ රටේ බොහෝ දෙනකු කම්පා වී ඇත්තේද ඒ හේතුවෙනි. මේ අවාසනාවන්ත තොරතුරු කිහිපයම දැන ගන්නට ලැබුණේ දින කිහිපයක් ඇතුළත වීමද විශේෂත්වයකි. රටේ කලාකරුවන්ට බලපා ඇති අපලය කුමක්දැයි බොහෝ දෙනකු විමසන්නට වූයේද ඒ හේතුවෙනි. එමෙන්ම පසුගිය මාස කිහිපය දෙස බැලීමේදී පෙනී යන්නේ මෙම තත්ත්වය වඩාත් බරපතළ බවය.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ අතිශය ජනාදරයට පත් වූ කලාකරුවෙකු වූ සුනිල් පෙරේරා මහතා මෙලොව හැරදා ගියේ පසුගිය මාස කිහිපය තුළය. එමෙන්ම විශාඛා සිරිවර්ධන, ෂෙල්ටන් මුතුනමගේ වැනි ප්‍රවීණ කලාකරුවන් රැසක්ම පසුගිය කාලයේදී අපට අහිමි විය. කලා කටයුතු තරමක් දුරට නැවතී ඇති යුගයක, ජනතාව මඟ බලා සිටින්නේ නැවත වරක් තමන් ආදරය කරන කලාකරුවන්ගේ දක්ෂතා දැක ගැනීමේ බලාපොරොත්තුවෙනි.

රෝගාතුරුව සිටින සියලු කලාකරුවන්ට අප ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නේ රටේ සියලු ජනතාව සමඟ එකතු වෙමිනි. එමෙන්ම රටේ කලාකරුවන්ට බලපා ඇති නරක කාලය ඉක්මනින්ම යහපත් අතට හැරේවා යන්න අපේ ඒකායන බලාපොරොත්තුවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery