බෙහෙත් බොද්දි දත් ඇන්ද ගිලිලා.. සිදුවූ අවාසනාවන්ත සිදුවීම මෙන්න

By Sewvandhi Dec 03, 2021 04:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බෙහෙත් බොන අවස්ථාවේදී කටේ තිබූ කෘතීම දත් ඇන්ද ගිලී උගුරේ හිරවී, අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කතක් පෙරේදා සවස් යාමයේ පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොල්පිතිගම බල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක් පමණ වයසැති මෙම කාන්තාව බෙහෙත් වීමට සුදානම් වෙන අවස්ථාවේදී උඩු ඇන්දට සවිකර තිබු කෘත්‍රිම දත් තුනක් උගුරේ හිරවීම නිසා සිය සැමියා විසින් ඇය රෝහල් ගත කරනු ලැබ සිටියාය.

පොල්පිතිගම මුලික රෝහලේ හිරවූ දත් ගැනීමේ පහසුකම් නොමැති නිසා ඇය ඒ මොහොතේම වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් සේවකයෙක් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW