නීති විරෝධී විදෙස් දුම්වැටි ළඟ තබා ගත් අයෙක්ට වුණු දේ

Report

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඩුබායි සිට පැමිණි සැකකරු විසින් දුම්වැටි 15,000ක් අඩංගු දුම්වැටි කාටූන් 75ක් සඟවාගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගවට ගෙන ඇත.

රේගු නිලධාරීන් පැවසුවේ සිය භාරයට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස් දහසකට ආසන්න වන බවය.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ෂන ගුවන්තොටුපොළ රේගු නිලදාරීන් විසින් සිදුකරනු ඇත.

සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීමක්! - දිවයිනපුරා රෝහල්වල ඖෂධ 190 ක හිඟයක්

සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීමක්! - දිවයිනපුරා රෝහල්වල ඖෂධ 190 ක හිඟයක්

අවුරුද්දේ රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්

අවුරුද්දේ රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්