සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීමක්! - දිවයිනපුරා රෝහල්වල ඖෂධ 190 ක හිඟයක්

Report

රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන කටයුතු අවසන් කළ ලිපිගොනු සිරවී තිබීමත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවේ ලිපිගොනු සිරවී තිබීමත් ඖෂධ හිඟයට හේතුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති ඖෂධ සමාලෝචන රැස්වීමකදී හෙළි විය.

පසුගිය බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.

චාමර වෙනුවෙන් රනිල් අල්ලස් කොමිසමට

චාමර වෙනුවෙන් රනිල් අල්ලස් කොමිසමට

දිවයින පුරා රෝහල්වල ඖෂධ වර්ග 190ක හිඟයක් පවතින බව මෙහිදී අනාවරණය විය.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බව වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළහ.

දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ කඩිනමින් ලබා ගැනීමට හැකි වුවත්, ඒ සඳහා අවශ්‍ය ලිපිගොනු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවේ සිරවී ඇති බව නිලධාරීන් පෙන්වා දුන්හ.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදනය අවසන් කළ ලිපිගොනු 200ක් පමණ සිරවී ඇති අතර, ඖෂධ ආනයනය සඳහා සැපයුම්කරුවන්ට නිදහස් කර ඇත්තේ ඒවායින් ලිපිගොනු 90ක් පමණක් බවද මෙහිදී හෙළි විය.

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු DNA පරීක්ෂණයකට!

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු DNA පරීක්ෂණයකට!

එසේම, රාජ්‍ය මට්ටමින් ඖෂධ ලබා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, එය සාර්ථක නොවිණි.

අප්‍රේල් 15 ගැන තීරණයක් නැහැ

අප්‍රේල් 15 ගැන තීරණයක් නැහැ