රුපියල් සීයයට පාසල් සිසුන්ට දුම්වැටි විකුණු මුදලාලි මාට්ටු
තනමල්විල ප්‍රදේශය පාසල් සිසුන්ට කලක් තිස්සේ දුම්වැටි විකුණූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශයේ සිට ආනයනය කළ දුම්මැටි තොගයක් ඔහු මිලදී ගෙන මෙලෙස විකුණා ඇති බවට වාර්තා වේ.
විවිධ රසයෙන් යුක්ත මෙම දුම්වැටි අදාළ ව්‍යාපාරිකයා විසින් විකිණීමට පාසල් සිසුවෙකුට ලබාදී ඇති බව ද අනාවරණය වී ඇත. එක් දුම්වැටියක් රුපියල් 100ක මුදලකට එම සිසුවාට ලබා දී ඇති අතර, අදාළ පාසල් සිසුවා එම දුම්වැටි රු 200ක මුදලකට පාසලේ දී විකුණා තිබේ.
පාසලේම සිසුවෙකු විසින් විදුහල්පතිවරයාට සිදුකළ දැනුම්දීමකන් අනතුරුව දුම්වැටි විකුණන සිසුවා ගෙන්වා පරීක්ෂා කොට ඇති අතර, එහිදී සිසුවා සන්තකයේ තිබී විදේශිය දුම්වැටි දෙකක් හමුවී ඇත.
පසුව තණමල්විල පොලිස් පරීක්ෂකවරයාට කළ දැනුම්දීමකින් අනතුරුව අදාළ ව්‍යාපාරික ස්ථානය වටලා ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ දුම්වැටි 690ක් හා දුම්වැටි විකුණා උපයාගත් රුපියල් 3,60000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අදාළ සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය