රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තුසිත හල්ලොලුවට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තුසිත හල්ලොලුව මහතා ඇප මත මුදාහැරීමට අද නියෝග කර තිබෙනවා.
ඒ අනුව මෙම නියෝගය අද (18) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග කර ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාව මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ තමා ගමන් කළ වාහනයට පසුගිය දිනක නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
ඒ සම්බන්ධයෙන් ඔහුව ඉකුත් අගෝස්තු මස 19 වන දින කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් සිදුකළ වැටලීමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.