හමුදා සෙබලෙකු ටියුශන් සිසුවියකට සිදු කර පළා ගිය දේ..

By Sithumi Oct 24, 2022 04:53 PM GMT
Sithumi

Sithumi

Report

යාපනය පලාලි පොලිස් වසමේ වල්ලුවාර් පුරම් ප්‍රදේශයේ පාසල් සිසුවියකගේ මාලයක් කඩා පලා ගිය දමිළ යුදහමුදා සෙබලෙකු ඊයේ (23) දින ප්‍රදේශවාසීණ් විසින් අල්ලා දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි. 15 හැවිරිදි අදාල පාසල් සිසුවිය උපකාරක පංතියක් සඳහා ගොස් ආපසු නිවසට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි සැකකාර යුදහමුදා සෙබලා අදාල දැරිය බියවද්දා අසල කැලෑවට බලහත්කාරයෙන් රැගෙනගොස් පැළඳසිටි මාලය කොල්ලකා පලා ගොස් තිබුණි. අනතුරුව පාසල් දැරියගේ කෑගැසීමෙන් එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් විසින් කොල්ලකරු පසුපස ලුහුබැඳ ගොස් අල්ලාගැනීමට හැකිව තිබෙන අතර පසුව ප්‍රදේශවාසීණ් විසින් කොල්ලකරුට පහරදී බැඳ පලාලි පොලීසියට භාරදීමට පියවර ගනු ලැබීය. ප්‍රදේශවාසීන් භාරදෙනු ලැබූ සැකකරු පිළිබව පරික්ෂණ සිදුකිරීමේදී අනාවරනය වී ඇත්තේ අදාල සැකකරු යුදහමුදාවට මෑතකාලයේදී එක් වූ දමිළ පුද්ගලයෙකු බවටත් ඔහුද පලාලි ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බවටය. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී කොල්ලකන ලද මාලයද හමුවී ඇති අතර සැකකාර යුදහමුදා සෙබලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පලාලි පොලීෂිය වැඩිදුරටත් පැවසීය.