දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්..
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කර ඇති බවට වාර්තා වනවා.
ඒ යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකාවේ තොරතුරු නීති විරෝධී අයුරින් ඉන්දියානු නිල නොවන මාධ්‍යයකට මුදා හැරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී නොසිටීම නිසාවෙනි.
විත්තේ නීතිඥයා අධිකරණයට සඳහන් කළේ ඉන්දියාවේ පැවැත්වෙන උත්සවයකට ලද ආරාධනාවකට අනුව අඩෙක්කලනාදන් මහතා ඉන්දියාව බලා ගොස් තිබෙන බවටයි.
එනිසා ඔහුට අධිකරණයේ පෙනී සිටිය නොහැකි බවත් මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටීමට සුදානමින් සිටින බවත් දැනුම් දෙන ලදී.
නමුත් එම හේතූන් ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරු නියෝග කලේ මන්ත්‍රීවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර යුතු බවටයි.
You May Like This Video