කෘෂි රසායන පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් ජනපතිගෙන් අවසර
එළවළු වී බඩඉරිඟු ඇතුළු ධාන්‍ය සඳහා අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීමට ජනාධිපතිතුමා අද පැවති සාකච්ඡාවලදී උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම, එළවළු සඳහා පළිබෝධනාශක යම් ප්‍රමාණයක් සහ විශේෂ පොහොර වර්ගයක් ආනයනයට ජනපති සමඟ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
මේ අතර, එළවළු මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක උඩරට ගොවීන්ගේ එළවළු අද දිනයේ මේ දක්වා කොළඹට ලැබී නොමැති බව තොග වෙළදුන් පවසනවා.
පොහොර අර්බුදය පදනම් කර ගනිමින් උඩරට ගොවීන් දඹුල්ල, පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඇතුළු ආර්ථීක මධ්‍යස්ථාන වෙත එළවළු තොග සැපයීම ඊයේ අත්හිටවනු ලැබුවා.
මෙහි බලපෑම හේතුවෙන් පැළියගොඩ මැනිං වෙළඳපොලට මෙන්ම බොහෝ ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු ලැබීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි කියා සිටියේ.
නුවරඑළියේ එළවළු සැපයීම ඇණහිටීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ඉතා ඉහළ මට්ටමක පැවතුණා.
ඊට අමතරව කටුගස්තොට - මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්ම තවත් බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් ඉතා ඉහළ අගයක පැවති අතර, පිටකොටුව ආශ්‍රිත සිල්ලර වෙළඳසැල්වලද එළවළු මිල පැවතියේ ඉතා ඉහළ අගයකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |