සාමාන්‍ය පෙළ විභාගයට අයඳුම්පත් භාරගැනීම ගැන විශේෂ දැනුම්දීමක්
2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025 සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 09 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් මගින් පවසයි.
ඒ අනුව, සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව, අදාළ උපදෙස් පරිදි මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස. (සා.පෙළ) විභාගයට අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කළ යුතු අතර, ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic යන වෙබ් අඩවිවලට පිවිස, එහි උපදෙස් කියවා නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.