අනුරට සහ ටිල්වින්ට චම්පිකගෙන් අභියෝගයක්...

Anura Kumara Dissanayaka Sri Lanka Politician Political Development
By Aruna Sep 16, 2024 07:56 AM GMT
Aruna

Aruna

Report

 සෑම දේශපාලන පක්ෂයකටම තිබුණේ මැතිවරණ සමයේ දී එළි දක්වන මැතිවරණ ප්‍රකාශ බවත්, නොවෙනස්, අධිෂ්ඨානයෙන් රැකගන්නා එක ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවත් කී ජනතා විමුක්ති පෙරමුණ එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉවත් වී ඇත්ද, ඉවත් වී ඇත්නම් ඒ කුමන වගන්තිවලින් ද, එම පැරණි ප්‍රතිපත්ති ප්‍රකාශනය යට ගසා ඇත්තේ කාගේ උවමනාවකට ද යන්න ප්‍රකාශ කරන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන්ට අභියෝග කර තිබේ.

ඒ සමගි ජන බලවේගය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක දී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා; “මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා රසවත් දෙයක්.

ඉතා වැදගත් වෙනවා මුලින් ම අද මේ රටේ විශ්‍රාමික හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් ආදින් එකතු කර ගෙන ‘අදිටන’ නමින් හමුදා සංවිධානයක් හදලා තියෙනවා.

පරණ ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම සඳහා යොදා ගත් හමුදා විශේෂ කාර්ය බලකාය, රහස් පොලීසිය ආදී වැඩ කරපු නිලධාරීන්ගෙන් සැදුම්ලත්.

මේ ජනතා විමුක්ති පෙරමුණේ ඇත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පොලීසිය, රහස් පොලිසිය, ආරක්ෂක හමුදා පිළිබඳ, ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය, කුමක් ද?

අනුර අභිබවා නාමල් එකවරම ඉහලට එයි..සජීවී වැඩසටහනකදී සිදු වූ දේ මෙන්න.

අනුර අභිබවා නාමල් එකවරම ඉහලට එයි..සජීවී වැඩසටහනකදී සිදු වූ දේ මෙන්න.


16 වෙනි වගන්තියේ කියනවා ‘රහස් පොලීසියේ විශේෂ දේශපාලන අංශයක්’ මේක රවී සෙනවිරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා හොඳට මතක තියා ගත යුතුයි. රහස් පොලීසියත්, පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් මේක මේජර් ජෙනරාල් අරුණ ජයසේකර හොඳට මතක තබා ගත යුතුයි. ‘ඒවාට අනුබද්ධ ස්වේච්ඡා හමුදාත් සහමුලින්ම විසුරුවා හරිනු ඇත.’

මේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය. ‘විකල්පය ජනතාව මර්දනය කිරීමේ නිත්‍ය සන්නද්ධ හමුදා පවත්වා ගෙන නො යනු ලබන අතර, මුළු ජනතාව ම සන්නද්ධ කරනු ඇත. රටේ සාමය හා සුරක්ෂිතභාවය පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ ස්වේච්ඡා සාම සේවයක් පවත්වා ගෙන යනු ඇත.’

ජනතාව සන්නද්ධ කරලා ජනතාවගේ ස්වේච්ඡා සාම සේවයක්. කාරණය පැහැදිලියිනේ. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අවි ගන්නලා සාම සේවයට ගන්නවා කියන එක තමයි ඔය ජනතාව, ජනතාව කියලා තියෙන්නේ.

අනික් අය ප්‍රතිගාමී එතකොට මේ ජනතාව කියලා කියන්නේ ඒකයි. ඊළඟට ‘රාජ්‍යයට, සමාජවාදී, රාජ්‍ය ආරක්ෂක කමිටුවක් පිහිටවනු ලැබේ.’ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවට, ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍ය ආරක්ෂක කමිටුවක් එන බව තමයි, මේ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියෙන්නේ.

ඒ අනුව, ‘ජනතා අධිකරණ ක්‍රමයක් බිහි කරනු ලැබේ.’ ලාල් කාන්ත මහත්තයා නිකන් නෙමෙයි, කට කහනවට නෙමෙයි මේක කිව්වේ. මේ අනුව ගම්බද, නගරබද ප්‍රදේශබද දිසා බද ජනතා අධිකරණ ද, උත්තරීතර ජනතා අධිකරණයක් ද, පිහිටවනු ලැබේ.

අනුර අභිබවා නාමල් එකවරම ඉහලට එයි..සජීවී වැඩසටහනකදී සිදු වූ දේ මෙන්න.

අනුර අභිබවා නාමල් එකවරම ඉහලට එයි..සජීවී වැඩසටහනකදී සිදු වූ දේ මෙන්න.


මේ බලාගන්න ඕනේ අපේ උසාවිය, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍ය පිළිබඳ. නිකං නෙවෙයි ලාල්කාන්ත මහත්තයා ගමට අධිකරණ බලය දෙනවා කිව්වේ. මෙන්න මේකයි ඒකෙ තියෙන සම්පූර්ණ ඇත්ත.

ඒ නිසා අපි අහනවා නැවත වතාවක් ජනතා විමුක්ති පෙරමුණෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔබ පිළිගන්නවාද නැද්ද? පිළිගන්නේ නැත්නම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොවන ඔබේ ප්‍රතිපත්තිය කුමක් ද? එහි ඉන්න එක ම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ.

ජාතික ජන බලවේගයේ විධායක සභාවේ බහුතරය හිමි ජනතා විමුක්ති පෙරමුණට. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියයි අපට අවශ්‍ය. ඒ පැරණි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔබ නැත්නම් අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය අපට ඉදිරිපත් කරන්න.

මෙය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව විවෘතව, පැහැදිලිව, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා, මැතිවරණයට පෙර ප්‍රකාශ කළ යුතු ම යි. 39 වගන්තිය ‘රාජ්‍යයේ ලෞකික ස්වභාවය සහතික කරනු ඇත.’ ඒ කියන්නේ ආගමට අපගේ ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියෙන් 10,11 වගන්තිවලින් දීපු තැන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන අතර, සම්බුද්ධ සාසනය පවත්වා ගෙන යාම රාජ්‍ය වගකීමක් කියන එක.

සෙසු ආගම්, එනම් ක්‍රිස්තියානි, ඉස්ලාමීය, හින්දු ආගම් ඇදහීමේ අයිතිය, එහි සමානාත්මතාව පිළිගන්නා වගන්ති වෙනුවට රාජ්‍යය ලෞකික රාජ්‍යයක් බවට ප්‍රකාශ කරනු ඇත. ඒ වගේ ම ‘රාජ්‍යයේ හා රටේ දේශපාලන ජීවිතයේ කටයුතුවලට ආගමික ආයතනයන්ගේ මැදිහත් වීම තහනම් කරනු ඇත.’

භික්ෂූන් වහන්සේලාට ඒ අනුව රාජ්‍යයට අනුශාසනා දෙන්න විරෝධතා පවත්වන්න. කතෝලික පියතුමන්ලාට පෙළපාලි යන්න. ඉස්ලාමීය පිරිස් වලට විරෝධතා පවත්වන්න. මෙතනින් පස්සේ පූජ්‍ය පූජක දෙපක්ෂයටම තහනං ඊළඟට ‘විහාරගම් හා දේවාලගම් අපහරණය කර ඒවා මගින් කර ගෙන යන පූර්ව ධනේශ්වර සූරාකෑම අහෝසි කරනවා’ කියලා තියෙනවා. නිකන් නෙවෙයි කට කහනවට නෙවෙයි දළදා මාලිගාවේ අරමුදල් ගැන, දේවාලවල අරමුදල්.

ඒවා දැනටත් බදු ගෙවනවා. ඒවා ගැන කතා කළේ කට කහනවට නෙවෙයි. ඒ වගේ ම අධ්‍යාපනය මුළුමනින් දැනට පාසල්වල උගන්වන බුද්ධාගම, හින්දු ආගම, දහම් පාසල, මද්‍රාසා අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය, හින්දු ආගමේ කරගෙන යන අධ්‍යාපනයන්, අධ්‍යාපනයෙන් ඉවත් කරනවා’ අධ්‍යාපනය ලෞකික විෂයයන්වලට පමණයි.

මේක තමයි අද කොමියුනිස්ට් රටවල් වල තියෙන්නේ. මේක තමයි කියුබාවේ, කම්පුචියාවේ, ලාඕසයේ, වෙනිසියුලාවේ තියෙන්නේ. ඒක තමයි අනුර දිසානායක මහත්තයා, මේ ඔලු බක්කෙක් ගෙනල්ලා රටේ කරන්න යන්නේ.

අපි මේ රටේ වැදගත් ගුරු භවතුන්ගෙන්, වැදගත් භික්ෂූන් වහන්සේලාගෙන්, වැදගත් ආගමික නායකයින්, සියලු ම ආගමික ආයතන වලින් ඉල්ලා හිටිනවා ඔබගේ ආගමික නිදහස, ඔබගේ ආගමික අධ්‍යාපනයේ නිදහස, ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, ආර්ථික නිදහස විනාශ කර ගැනීමට ඉඩ දෙන්න එපා.

හංගා ගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්, හංගා ගත් දේශපාලන පක්ෂයක්, දෙබිඩි ව්‍යාපාරයක්, ජාතික ජන බලවේගය කියන්නේ දෙබිඩ්ඩෙක්. අනුර කියන්නේ කෙළින්ම දෙබිඩ්ඩෙක්. එක අතකින් රතු අනුර දිසානායක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, අනිත් පැත්තෙන් රෝස අනුර දිසානායක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ.

ලංකා දේශපාලනයේ ලොකු ම දෙබිඩ්ඩා අනුර දිසානායක හා ඔහුගේ පක්ෂය. අපි ඔවුන්ට කියනවා කරුණාකරලා මේ රැවටීම නවත්වන්න. ජනතාවටත් අපි කියනවා මේ රැවැට්ටීමට තවත් ඉඩ දෙන්න එපා.

ඔබගේ ආර්ථික නිදහස, ආගමික නිදහස සහ දේශපාලන නිදහස වෙනුවෙන් පෙනී ඉන්න. ජාතික බලවේගෙත් නිකන් ඉඳලා නෑ පොතක් ගහලා තියෙනවා 20 වන සියවසේ. ඉතිහාසය ගැන පුනරුදයේ. කවුද ජාතික වීරයෝ? වීරයෝ ගැන කියන්න කලින් කියලා තියෙනවා.

‘වැඩවසම් ලක්ෂණ සහිත ආසියාතික රාජ්‍යය වෙනුවට’ මොකක්ද මේ? ගමයි, පැන්සලයි, වැවයි, දාගැබයි සඳහන් ඒ අපේ පැරණි සංස්කෘතික උරුමයත් එක්ක බැඳිච්ච, සාම්ප්‍රදායික ඒ ඉතිහාසය ඉවත් කරන්න. ඒකට කියන්නේ මොකක්ද? වැඩවසම්.

අර යුරෝපයේ තිබිච්ච ඉඩම් හිමියා, රදලයා, එක්ක ගැට ගැහිච්ච ප්‍රවේණි දාසයක් මත පදනම් වෙච්ච වැඩවසම් ආර්ථික ක්‍රමයක්ලු ලංකාවේ තිබුණේ.

කවුද මේ කියන්නේ? හරිනි අමරසූරියලගේ ජාතික ජනබලවේගය අතීතයට ගරහන හැටි. ඊළඟට අපි දන්න අපි දන්න මේ රටේ ජාතික වීරවරයෝ හිටියා. මේකේ දාලා තියෙනවා. ‘සැබෑ වීරයින් හා වීරවරියන් හඳුනා ගැනීම.’ අනගාරික ධර්මපාලතුමා මේ වීර චරිත අතර නැහැ. වලිසිංහ හරිශ්චන්ද්‍ර මේ වීර චරිත අතර නැහැ.

මේ රටේ බෞද්ධ, හින්දු, ඉස්ලාමීය, යම් පුනර්ජීවන ව්‍යාපාරයක් කරලා දේශීය ආගම් ගොඩනගන්න වැඩ කළ කිසිම නායකයෙක් නෑ. ඒ අනුව මතක තියා ගන්න අනගාරික ධර්මපාල චරිතය, මිගෙට්ටුවත්තේ ගුණානන්ද චරිත, ඒවා 20 වෙනි සියවසට විතරක් අයිති චරිත නෙවෙයි. ඒවා සියල්ලම ඉතිහාසයෙන් මකා දමන ක්‍රියාවලියක ඉන්නවා. මෙහි ඇත්තටම අපිත් ගරු කරන චරිත ටිකක් නම් කරලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ.

හැබැයි අතීතයේ රටේ නිදහස වෙනුවෙන් කැප වෙච්ච මේ රට ගොඩනැගීම වෙනුවෙන් කැප වෙච්ච මේ රටේ දේශීය සංස්කෘතිය වෙනුවෙන් කැප වෙච්ච ඒ විශිෂ්ට පුද්ගලයින් බොහොමයක් ඉතිහාසයේ හොරු තක්කඩි, වංචනිකයින්ගේ ගොඩට දාලා තියෙනවා.

ඉතිහාසය අලුතෙන් ලියන්න යනවා. හෙන්රි පේද්‍රිස් වැනි අය නැගී සිටලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව වෙඩි කෑවේ. එවන් වීරවරයින් කප්පාදු කරලා දාලා තමන්ගේ මාක්ස්වාදී අදහස් වලට ගැලපෙන හා ඊට කිට්ටුවෙන් යන වීරවරයින් පිරිසක් විතරක් මේකෙන් කුළු ගන්වලා තියෙනවා. වැවයි දාගැබයි ගමයි පන්සලයි වැඩවසම් ප්‍රවේණි දාස ආර්ථිකයක් හැටියට හඳුන්වලා තියෙනවා.

ඒ නිසා මේවා අමුතු දේවල් නෙමෙයි. කාල්මාර්ක් කිව්වෙත් ඕක තමයි. ආසියාතික වැඩවසම් සමාජයේ ආසියාතික සමාජය කියලා විජේවීර මහත්තයා කිව්වෙත් ඕකම තමයි. ඒක තමයි විහාර දේවාලගම් වලට ගහන්න ගියේ. මේක නිකන් හොරු අල්ලන මැතිවරණයක් නෙවෙයි. හොරු අල්ලන්න අනුර කුමාරට ලොකු වරමක් රනිල් වික්‍රමසිංහ මහත්තයා දුන්නා.

2015 දී ඒ කාර්ය සාධන බලකායේ ප්‍රධානියා බවට පත් කළා. ඒ වගේ ම ආනන්ද විජේපාල අනුර නම් කරපු කෙනා තමයි එහි හිටපු කාර්ය ප්‍රධානියා. අපි කියනවා එහි වැඩ කරපු අපේ පොලිසියේ හිටපු වෛද්‍යාලංකාර ඇතුළු පිරිස්වලට දැන් ඇවිල්ලා කියන්න ඇයි ඕගොල්ලෝ හොරු ඇල්ලුවේ නැත්තේ? ඇයි මේ අනුර කුමාර දිසානායකගේ කාරණාවලට උත්තර දෙන්නේ නැත්තේ?

ඇවිල්ලා කියන්න. ඕගොල්ලන්ටත් චෝදනා නැගිලා තියෙනවා. ඇවිල්ලා කියන්න කතාව කියලා අපි කියනවා. මේගොල්ලෝ මේ සමහර හොරකම් ගැන කතා කරන්නේ නැහැනේ. ඊ වීසා වංචාව ගැන කතාවක් නැහැ. ඊ පාස්පෝට් වංචාව ගැන කතාවක් නැහැ. ඇයි?

ඒගොල්ලෝ ඉන්නෙත් හොරු එක්ක හෙළුවෙන්. ඒක නිසා ඒගොල්ලන්ට ඒවා ගැන කතා කරන්න බැහැ. ඒක නිසා මේ හොරු ඇල්ලිල්ලේ, බොරු කතා පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙ වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ ඒ බොරු කතා. ඕවා අපි 2000 ඉදන් ඇහුවා. ඒ කතා වලට රැවටෙන්නේ නැතිව අපි අනාගතය කරා යන වැඩපිළිවෙළක්.

ඩිජිටල්කරණය හරහා ඩිජිටල් හෙටක් හරහා, මේ රටේ හංගපු සල්ලි, හොරකම් කරපු සල්ලි ඩිජිටල් වේදිකාවකට අර ගෙන, බදු අය කර ගෙන ඉදිරියට යන රටක් පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ සඳහා පෙළ ගැහෙන්න. මෙහි දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;

ප්‍රශ්නය: ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය. දැන් ඔබතුමාලා අභියෝගයක් වෙලා ද තියෙන්නේ?

පිළිතුර: අපට ලොකු අභියෝගයක් නෙවෙයි. නමුත් මේ රටේ ජනතාවට අභියෝගයක්. මේ වගේ අතීතයේ ලේ වැකුණු ඉතිහාසයක් තියෙන, (මේ රටේ මාක්ස්වාදීන් ඉඳලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදීන්.

අපි දන්නවා ඇන් ඇම්. පෙරේරා, ඇස් ඒ වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, වික්‍රමබාහු කරුණාරත්න මහත්තයලා ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දෙවතාවක් රාජ්‍ය බලය අවි ආයුධ බලයෙන් අත්පත් කර ගැනීමට ගිය පිරිසක්.

ඒ නිසා මොවුන් මේ දාගෙන තියෙන මේ ප්‍රජාතාන්ත්‍රික ඔලුබක්කා ව හෙළිදරව් කිරීම අපේ වගකීමක්.

ප්‍රශ්නය: රනිල් වික්‍රමසිංහ මැතිතුමා ‘පුළුවන් ශ්‍රී ලංකා’ නෙ. ඇත්තටම එතුමා මොකද කළේ?

පිළිතුර: එතුමා නැති බැරි ශ්‍රී ලංකාව හදපු එක තමයි කළේ. මේ බංකොලොත් භාවයේ වගඋත්තරකරුවන් රැක ගනිමින් බංකොලොත් භාවයට කිසිසේත් ම අදාළ නැති, එයට දායක වෙච්ච නැති, ඡන්දය දීමෙන් පමණක් දායක වෙච්ච, මේ රටේ අසරණ ජනතාව පෙළපු එක නේ කළේ.

ඉන්ධන වලට ගැහුවා දඩ, දැවැන්ත බදු. විදුලි බිලට ගැහුවා දැවැන්ත බදු. රු. 195 යි පෙට්‍රල් ගෙන්නන්නේ, විකුණන්නේ 332 යි. රනිල්ගේ බදු. 201 යි ඩීසල් ගෙන්නන්නේ. විකුණන්නේ 307 යි. රනිල්ගේ බදු. පළවෙනි මාස අටේ ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය.

ඒ කියන්නේ වියදමට වඩා ලාභය සෑම විදුලි පාරිභෝගිකයෙක්ගෙ ම රු. 20,000ක් අමතර වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අරගෙන තියෙනවා. රනිල්ගේ බදු විදුලි බිලට. ජල බිලට බදු. සියලු ම රාජ්‍ය ආයතන මේ වෙනකොට කෝටි 40,000කට වඩා මේ අධික ගාස්තු අය කිරීම නිසා ලාභ උපයලා තියෙනවා.

මේ රටට ගෙන්වන හැම කිරිපිටි කිලෝවකටම 20% ක් නැත්නම් රු. 225 ක බද්දක්. ඒ වගේ ම මේ රටට ගෙන්වන සෑම සීනි කිලෝවකටම රු. 50 ක බද්දක් මෙරටට ගෙන්වන සෑම ළූණු කිලෝවකටම රු. 50 ක බද්දක්.

හැම එකකටම අධික බදු ගහලා. මේ රටේ ජනතාව නැති බැරි ශ්‍රී ලංකාවක් කරලා තියෙන්නේ. හැබැයි එතුමගේ ඉන්නවා පුළුවන් ශ්‍රී ලංකාවක්. පුළුවන් ශ්‍රී ලංකාව කවුද? අර ඊ වීසා වංචාවෙන් මේ වෙනකොට කෝටි 320ක් හොයලා තියෙන්නේ ආතක් පාතක් නැති පෙට්ටි කඩයක්, අයි වී එස්, ජී බී එස් කියලා ඩුබායි වල අන්න රනිල්ගේ පුළුවන් ශ්‍රී ලංකාව.

රටට සංක්‍රමණික, විගමනික ශ්‍රමිකයන් හරහා වාහන ගෙන්වන මුවා කෝටි ගාණක් වංචා කරලා තියෙන්නේ. ඒකේ විගණකාධිපතිගේ නිල වාර්තාව ළඟදි ම එයි. අන්න පුළුවන් ශ් රී ලංකා කණ්ඩායමට.

ඊ පාස්පෝට් හදන මුවාවෙන්, වංචාවක් කරන්න ගිහිල්ලා අද වෙනකොට පාස්පෝට් හිඟයක් හදලා අපේ දරුවන්ව පෝලිම්වල තියලා තියෙන්නේ අන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම. අපි දන්නවා කොයිතරම් මත්පැන් බලපත්‍ර නිකුත් කළාද කියලා. මත්පැන් වල වර්ධනයක් නැහැ කිය කියම සුරාබදු දෙපාර්තමේන්තුව අලුත් මත්පැන් බලපත්‍ර දෙනවා.

අපි තමයි කැසිනෝ වලින් ඒ බදු අය කර ගැනීමට නියෝග දුන්නේ පාර්ලිමේන්තු කමිටුවේ එතකොට කැසිනෝ අවුරුදු විසි අටක් එක ගෙව්වේ නෑ ඒ බදු අය කර ගන්න අපි තමයි ගිය අවුරුද්දේ ජූනි මාසේ වැඩ කළේ රනිල් වික්‍රමසිංහ නෙවෙයි එතකොට අන්න ඒ ගොල්ලන්ගේ ඒකට ගේනවා කිව්වා නියාමන පනතක් නියාමන අධිකාරියක් මුදල් විශුද්ධි කරණය නැවැත්වීම සඳහා වැඩ කරනවයි කියලා අපට පොරොන්දු වුණා.

ඒ නියාමන පනත ගෙන හැබැයි අපිට දැන් ආරංචි වෙනවා අත යටින් යන්න ඉස්සෙල්ලා තවත් කැසිනෝ බලපත්‍ර දෙකක් ලබා දීලා තියෙනවා කියලා. අන්න පුළුවන් ශ්‍රී ලංකා කට්ටිය. ඒ වගේම කැබිනට් පත්‍රිකාවක් අනුමත කරලා තියෙනවා.

විගමනික ශ්‍රමිකයන් සියලු දෙනාගෙන් ම ඩිජිටල්කරණයට මුවා වෙලා තවත් ඩොලර් සීයක් එකතු කර ගන්න යන වග. සුරාබදු වංචා කරපු පිරිස්, බැංකුවලට පොලු තියපු පිරිස් ආරක්ෂා කරපු හැටි රනිල් වික්‍රමසිංහ.

එයා පුළුවන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ. මං බොහොම පැහැදිලිව මේ රටේ නිලධාරීන්ට කියනවා, රාජ්‍ය නිලධාරීන්ට ආගමන විගමන පාලක ගෙන් ඉගෙන ගන්න දඩබ්බර, උද්දච්ච, තක්කඩි, ඇමතිලා නීතිය නො තකා ක්‍රියා කළාට අවසාන වශයෙන් වග වෙන්න වෙන්නේ ඔබට යි.

ඒ වගේ ම නීතිය ඉක්මවා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ඉක්මවා ක්‍රියා කරන ජනාධිපතිවරයාටත් අනාගතයේ මේ වට වග වෙන්න වෙයි. වැඩිය ඕනේ නැහැ දේශබන්දු මහත්තයා දැන් නැහැ නේ පොලිසියේ.

දැන් පාරේ වෙඩි තැබිලි ඉබේම නැවතිලා නේද? පාරේ වෙඩි තැබිලි ඉබේම නැවතිලා දේශබන්දු නැති වෙච්ච හැටියේ එකෙන්. කවුද මේවා පිටිපස්ස හිටියේ කියලා අපිට දැන් පේනවා. ඒක නිසා මතක තියා ගන්න, රනිලුයි, මේ පොලිස් ඇමතියි, මේ කට්ටිය විසි එක් වෙනිදා ගියා ම, රට ඉබේම සාමය ඇති වෙ