අනුර,සජිත් සහ නාමල් ගේ අවසන් රැලි හෙට පැවැත්වෙන තැන් මෙන්න..

Report

මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්‍ෂවල අවසන් රැලි 11 වන දා කොළඹදී සහ ගම්පහදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය හෙට (11) දින පස්වරුවේ ගම්පහ නගර සභා පිටියේදී හා පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

එම රැලි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

රට පුරා සිටින සියලුම ඡන්ද දායකයින්ගෙන් හිටපු මැතිවරණ කොමසාරිස් විශේෂ ඉල්ලීමක් කරයි..

රට පුරා සිටින සියලුම ඡන්ද දායකයින්ගෙන් හිටපු මැතිවරණ කොමසාරිස් විශේෂ ඉල්ලීමක් කරයි..


සමගි ජන බලවේගයේ අවසන් මහා රැලිය කොළඹ අලුත්කඩේ මංසන්ධියේදී පැවැත්වෙන බවයි එය සංවිධානය කරන සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේ.

එම රැලිය සමගි ජන බලවේගයේ නායක සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි හෙතෙම කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවසන් ජනහමුව හෙට රාත්‍රී 8.00ට තංගල්ල කාල්ටන් නිවාස පරිශ්‍රයේදී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ.