ඊශ්‍රායලයේදී මියගිය අනුලාගේ දේහය ලංකාවට. - (PHOTOS)

Sri Lanka Israel Death
By Wayomi Oct 28, 2023 07:24 AM GMT
Wayomi

Wayomi

Report

ඊශ්‍රායලයේ දී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (28) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය භාරගැනීම සඳහා පවුලේ ඥාතීන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපොළට පැමිණ සිට ඇත.

පසුගිය 07 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ සිදුකළ ප්‍රහාරය අතරතුර ඊශ්‍රායල ජාතික කාන්තාවක් රැකබලාගනිමින් සිටි අනුලා රත්නායක මහත්මිය ජීවිතක්ෂයට පත් වුණා.

ඒ, එම හමාස් ප්‍රහාරය අතරතුර ඇය අදාළ ඊශ්‍රායල ජාතික කාන්තාවගේ දිවිබේරා ගැනීමට කටයුතු කිරීමත් සමඟයි. 


GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha