ජාතික රෝහලෙන් නිවේදනයක්

sri lanka Covid 19 Natinal hospital
By Sithumi May 30, 2021 10:30 AM GMT
Sithumi

Sithumi

Report

දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සායන සඳහා සහභාගී වීමට නොහැකි රෝගීන්ට දුරකථන මාර්ගයෙන් ඒ සඳහා දිනයක් වෙන්කර ගන්නා ලෙස කොළඹ ජාතික රෝහල දැනුම් දෙයි.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා මේ පිළිබඳ අදහස් දක්වමින්“අද දෙරණ“ට සඳහන් කර සිටියේ, මීට පෙර ලබාදී තිබු දුරකකථන අංක ඒ සඳහා භාවිත කළ හැකි බවය.

ඒ අනුව ඔවුන්ට ඊළඟ සායන දිනය වෙන්කර ගත හැකි බවත් ජාතික රෝහලේ පොදු දුරකථන අංකය මඟින් හෝ ඒ බව දැන ගැනීමට හැකියාව ඇති බවත් විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පැවසීය.

මීට පෙර අවස්ථාවන්ට සාපේක්ෂව ජාතික රෝහල තුළ කොරෝනා රෝගී වාට්ටු වැඩි කර ඇති අතර, දැඩි සත්කාර වාට්ටු දෙකක් ද වෙන් කර ඇති බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ වන විට ජාතික රෝහල තුළ අවශ්‍යතාවයට වඩා ඔක්සිජන් ප්‍රතිශතයක් පවතින බව ද පැවසු වෛද්‍යවරයා, කොළඹ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක වීම හේතුවෙන් කොළඹ ආශ්‍රිත කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ඇතැයි ද පැවසීය. සායන හා සම්බන්ධ විය හැකි දුරකථන අංක පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


Gallery