පංච පුද්ගල ඝාතනයට තවත් තරුණයෙක් අත්අඩංගුවට.

Sri Lanka Police Crime Murder
By Wayomi Feb 07, 2024 03:40 AM GMT
Wayomi

Wayomi

Report

පසුගියදා සිදු වූ බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා.

ඒ, ඊයේ (6) සවස ඔහු නීතිඥයෙකු සමඟ පැමිණ බෙලිඅත්ත පොලිස් ස්ථානයට බාර වීමෙන් පසුවයි.

අදාල සැකකරු අකුරැස්ස ඉඹුල්ගොඩ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

පොලිසිය සඳහන් කළේ, ඔහු ඝාතනය සඳහා යොදාගත් ගිණිඅවි කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි තම ආච්චිගේ නිවසේ සගවා තබා පසුව එම ගිණිඅවි කඹුරුපිටියේ සිට ගාල්ල කරාපිටිය ප්‍රදේශයට රැගෙන යාමට සහායවූ සැකකරුවෙක් බවයි.

සැකකරු අද (07) දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.   

ReeCha