මන්ත්‍රී අර්චුනා ආයෙමත් ලෙඩක් දාගන
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙකුගේ ජංගම දුරකථනයට පහර දී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා රුපියල් 1000/= ක ලබා දී සමථයකට පත් කරගෙන ඇතැයි නාරහේන්පිට පොලිසිය සඳහන් කර තිබේ.
පොලිසිය සදහන් කළේ මන්ත්‍රීවරයා ඉකුත් 02 වැනි දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු කටයුතු අංශය වෙත යාමට සිය මෝටර් රථයෙන් පැමිණ ඇත.
එහිදී ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරීන් මන්ත්‍රීවරයා හඳුනා නොගෙන ප්‍රධාන ගේට්ටුවේ කාර්යාලය තුළට ඔහු පැමිණි රථය ඇතුළු කිරීමට නොහැකි බවට පවසා තිබෙන බවයි.
එහිදී මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් රථය කාර්යාලය භූමියට ඇතුළු කර නවතා ඇති අතර එම අවස්ථාවේ මන්ත්‍රීවරයා හා ආරක්ෂක නිලධාරීන් අතර බහින්බස්වීමක්ද සිදුව තිබේ .
ඒ අනතුරුව මන්ත්‍රීවරයා ආරක්ෂක නිලධාරියකු අත තිබූ ජංගම දුරකථනයටට පහරදී අලාභා හානි සිදුව තිබේ.
මෙම සිද්ධියට අදාළව ආරක්ෂක නිලධාරියා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.
ඒ වගේම දෙපාර්ශවය කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තුවේ කටයුතු අංශයේදී එම අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නාලක දසනායක මහතා ඇතුළු නිලධාරීන් කීපදෙනකු ඉදිරියේ ගැටලුව සමථයකට පත් කරගෙන ඇත.