කොත්මලේ සිදී ගිහින්, නටඹුන් මතුවෙයි

Report

වියළි කාලගුණය හමුවේ කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම පහත බැස ඇති අතර ඒ හේතුව නිසාම කඩදොර විහාරස්ථානයේ බුදු පිළිමයද ජලයෙන් මතුව තිබෙන බව වාර්තා වේ.

මේ වන විට කඳුකරයට පවතින අධික වියළි කාලගුණය ජනජිවිතයට බොහෝ බලපෑම් එල්ල කර තිබේ.

   එම ප්‍රදේශ වල ජීවත්වන ජනතාව ජනතාව උග්‍ර පානිය ජල අර්බුදය කට ද මුහුණ පා සිටින බව වාර්තා වේ .

ඒ වගේම මෙම ප්‍රදේශයේ ජීවත්වන ප්‍රදේශවාසීන් සදහන් කරන්නේ තමන්ගේ දෛනික අවශ්‍යතා වලට අවශ්‍ය ජලය සපුරාගැනීමේ අර්බුදයද දිනෙන් දින වැඩිවෙමින් පවතින බවයි .

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම් වැඩි ප්‍රමාණයක් ඇති නවතිස්පනේ කටුගොල්ල වැනි ප්‍රදේශවල තිබූ ජලපෝෂක ප්‍රදේශ ගොඩ කිරීම වසර ගණනාවක සිට දැකිගත හැකි ගැටළුවකි.

ඒ වගේම නවතිස්පනේ ,කටුගොල්ල වැනි ප්‍රදේශවල සිට ගලාගෙන යන දිය පහරින් කොත්මලා ඔය පෝෂණය වන අතර කටුගොල්ල සිට ගලාගෙන යන මාකඳුරා ඇලේ දිය පහර කොත්මලේ ජලාශය තෙක් ගමන් කරනු ලබයි.

මේ වනවිට එම සියලු දිය දහරාවල ජලය අඩුව තිබෙන බවත් සමහරක් දිය ඇලි සිඳී ගොස් ගල් තලාව මතුව ඇති බවත් වාර්තා වේ.

තවද ඇල දොල වලින් ගලාගෙන යන ජලය කටුගොල්ල ,හුණුගල් ඔය ,නවතිස්පනේ ,කිරිමැටියාව හරංගල වැනි ජනතාව සිය අවශ්‍යතා සඳහා මෙන්ම ඔවුන්ගේ මූලික ජීවනෝපාය වන තේ වගාව හා එළවළු වගාව සඳහා ද භාවිතා කරනු ලබයි.

ගොවිහු මුහුණ බරපතල ගැටළුවකට මුහුණ පා සිටියි. ඒ පවතින වියළි කාලගුණය හේතුවෙන් එළවළු වගාව සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීමේ දැඩි අර්බුදයකටයි