තවත් මනුෂ්‍ය ඝාතනයක්. - 21 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට.
Sri Lanka Police
Sri Lanka
Death
By Wayomi
ඊයේ (09) සවස් කාලයේදී බඩල්කුඹුර, කිරමනාගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, කරවිල, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුක්.
මියගිය ත්‍රිරෝද රථ රියැදුරු, සැකකරු සමඟ ආරවුලක් ඇති කරගෙන තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සැකකරුගේ නැන්දනිය සමඟ ඇයගේ දියණිය පදිංචිව සිටි බඩල්කුඹුර, කිරමනාගොඩ ප්‍රදේශයට ගොස් ඇත.
ඒ අතරතුර මාර්යේ වෙළෙඳසැලක් අසලදී සැකකරු හමුවී ඇති අතර එම අවස්ථාවේදී ත්‍රිරෝද රථ රියැදුරු විසින් ඒ පිළිබඳ සැකකරුගෙන් විමසීමේදී ඔහු විසින් එක්වරම ත්‍රීරෝද රථ රියදුරට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.
එහිදී තුවාලකරු බඩල්කුඹුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර 21 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සිටියදී අත්අඩංගුවට ගැනුණා.
