අධික උෂ්ණත්වය හේතුවෙන් මෙරටින් තවත් මරණයක්.

Sri Lanka
By Wayomi Apr 27, 2023 11:40 AM GMT
Wayomi

Wayomi

Report

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඊයේ(26) දිනයේත් එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, එප්පාවල, මැඩියාව, යාය02 ප්‍රදේශයේ පදිංචි යූ.බී දිසානායක නම් අසූ එක් හැවිරිදි තිදරු පියෙක්.

එම මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය සිදු කළ එප්පාවල නාගරික හදිසි මරණ පරීක්ෂක එම්.පී.එස් ජයවික්‍රම මහතා විසින් අදාල මරණය සම්බන්ධයෙන් කියා සිටියේ මෙලෙසින්,

" අප ප්‍රදේශයේ ඊයේ (26) සිදු වූ මරණයක් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වාර්තා වන්නේ හෘදයා බාධයකට ලක් වීමෙන් බවට තීරණය කරනු ලැබූවත්, ඊට ආසන්නතම සිද්ධිය වන්නේ මෙම පුද්ගලයා අධික තාපයට, සූර්ය රශ්මියට නිරාවරණය වීම නිසා වායුගෝලීය උෂ්ණත්වයත් අධිකයි, තෙහෙට්ටුව නිසා හෘදයාබාධය ඇති වෙන්න හේතුවූවා කියන එකයි අපේ තීරණය වන්නේ.

මෙවැනි අවස්ථා දෙකක් මීට ඉහතදීත් මේ ප්‍රදේශයේදී සිද්ධ වුණා , ඒ අනුව ඊයේ (26) මරණය පවතින අධික උෂ්ණය නිසා තාප කම්පනයට පත්වීමෙන් මියගිය තෙවන මරණය අපිට කියන්න පුලුවන්. මේ අය උදෑසන 10.30ට පමණ කුඹුරට ගිය පසු පස්වරු 1.30 ට පමණ තමයි මළ සිරුර සොයාගෙන තිබෙන්නේ.

අධික සූර්ය රශ්මිය නිසා මිය ගිය පසු ශරීරයේ පෘෂ්ඨය මත දිය බුබුලු ඇති වී තිබුණා . මෙම මරණ ත්‍රිත්වයේදීම සමාකාර අවස්ථා අපිට දකින්න පුලුවන්, පාරිසරික උෂ්ණත්වය අධිකයි, ඒ වගේම ඔවුන් අධික ශරීර උෂ්ණත්වය සමඟ නෑමට කටයුතු කරනවා, ශරීරය තෙතමනයට ලක්කරනවා ඒ නිසා හෘදයේ පීඩනය වැඩිවීම නිසා හෘදයාබාධ ඇතිවීමේ අවස්ථා උදාවෙලා තියෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW