නිදහස් කරන ලද අලි ඇතුන් 15 දෙනා සම්බන්ධව තවත් අධිකරණ නියෝගයක්

By Sewvandhi Sep 29, 2021 10:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කරන ලද අලි ඇතුන් 15 දෙනා ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (29) වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් සිදු කළා.

ඒ, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් එම අලි ඇතුන් නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කර තිබීම හේතුවේන්. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේ එම පෙත්සම් සලකා බැලුණා.

අධිකරණය විසින් නිදහස් කර තිබූ සුජීවා නැමති ඇතින්න සහ ඇය බිහිකළ මාස 04ක් වයසැති අලිපැටවා උඩවලව ඇත් අතුරු සෙවනේ තවදුරටත් රඳවා ගන්නා ලෙසට ද විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම පෙත්සමවලට අතරමැදි පාර්ශ්ව ලෙස සම්බන්ධ වී කරුණු දැක්වීමට ඉල්ලා සිටි පාර්ශ්වවලට ලබන 13 වැනිදා අධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනු කරන ලෙසට විනිසුරු මඩුල්ල නියෝග කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha