දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
Sri Lanka Railways
Sinhala news
By Hashan
නඩත්තු කටයුත්තක් සඳහා කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල් 15 ස්ථානයේ පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගය තවකාලිකව වසා දමා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී සිටියා.
ඒ අනුව, 2025.05.17 දින පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා අර්ධ වශයෙන් හා එදිනම රාත්‍රී 08.00 සිට 2025.05.18 දින පෙ.ව. 05.00 දක්වා සම්පූර්ණයෙන්ම වසා තබන බවයි දැනුම් දී සිටින්නේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියේ මෙම කාල සීමාවන් තුළ ඇති විය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනිමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස යි.
