කොටු කැපිල්ලට අහුවෙන්න එපා - ඒක නීතිවිරෝධී වැඩක්

Sri Lanka Police Law and Order nlb Sinhala news
By Shehan Apr 12, 2025 10:34 AM GMT
Shehan

Shehan

Report

ජාතික ලොතරැයි මණ්ඩලය පවසන්නේ, ‘කොටු කැපීම’ නමින් හඳුන්වන නීතිවිරෝධී සූදුවක් රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම නීතිවිරෝධී මුදල් එකතු කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ නොවන ලෙස ජනතාවගෙන් එම මණ්ඩලය ඉල්ලා සිටී.

ඉල්ලුවේ 20,000ක්.. ගුරු වැටුප වැඩිවී ඇත්තේ 8000කින්.. - කලබල වුනු ස්ටාලින්

ඉල්ලුවේ 20,000ක්.. ගුරු වැටුප වැඩිවී ඇත්තේ 8000කින්.. - කලබල වුනු ස්ටාලින්

මහජන සම්පත් ලොතරැයි දිනුමේ ජයග්‍රාහී අංක අනුමාන කරමින්, එහි අවසාන අංක දෙක යොදාගනිමින් විවිධ පුද්ගලයින් මෙම ‘කොටු කැපීම’ සූදුව නීතිවිරෝධී ලෙස පවත්වන බව ජාතික ලොතරැයි මණ්ඩලයේ නිවේදනයක දැක්වේ.

මේ වන විට සැලකිය යුතු ජනතාව පිරිසක් මෙම නීතිවිරෝධී සූදුවට එක්ව සිටින බවට තොරතුරු ලැබී ඇති අතර, මණ්ඩලයේ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩුවම් ලබා දී ඇති බවත් එම නිවේදනයේ සඳහන්ය.

හරක්කටා නඩත්තු කරන්න රාජ්‍ය වියදමෙන් මාසෙකට කෝටියක්?

හරක්කටා නඩත්තු කරන්න රාජ්‍ය වියදමෙන් මාසෙකට කෝටියක්?

එවැනි නීතිවිරෝධී සූදු පොළවල් පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථානවලට දැනුම් දීමට ජාතික ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇති බවද මෙහි දැක්වේ.

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

ReeCha