දැන් ඉරාන ඇමරිකා යුද්ධේ ඉවරයි හෝර්මූස් ඇරියා ඇයි තාම ඉන්ධන මිල අඩු නැත්තේ? ලංකාවේ ඉන්ධන මිල ගැන වෘත්තීය සමිති කට අරී [VIDEO]

Report

සමගි බලශක්ති සහ ඒකාබද්ධ වෘත්තීය සමිති බලකායේ මාධ්‍ය ප්‍රකාශක සහ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා විසින් රටේ වර්තමානයේ පවතින ගැටලුව පිලිබඳව මාධ්‍ය සාකච්චාවක් කර ඇත.

එහිදී ඔහු විසින් ඉරාන ඇමරිකානු යුද්ධය අවසන් වූ බවත් ඉන් හෝර්මුස් සන්ධිය විවෘත වූ බවත් ඒ හේතුවෙන් මේ වනවිට ලෝකයේ තෙල් මිල අඩු වෙමින් පවතින බවත් පෙන්වා දුන්නේය.

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

නමුත් පසුගිය දිනක කළමනාකාර අධ්‍යක්ෂක විසින් ඉන්ධන මිල වැඩි නොකර පැවැත්වීමට කටයුතු කරන බව පැවසීමත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විසින් ඉන්ධන මිල අඩු වුවහොත් එම සහනය ලබා දෙන බව පැවසීමත් උපුටා දැක්වීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

"ආණ්ඩුව විසින් තෙල් මිල අඩු කළ යුතුයි ඒත් අඩුකරන්නේ නෑ තර්ක කරන්න දෙයක් නෑ මුදල් නියෝජ්‍ය ඇමති කියන්නේ පට්ටපල් බොරු දැන් පිරිපහජු කරපු බැරැල් එක ඩොලර් 110 ටත් අඩුයි. තෙල් අඩුවට දෙන්න සමාගමක් ලෑස්ති වෙලා ඉදදී තමයි වැඩි මිලට තෙල් ගත්තේ. ගැටලුවකින් තොරව ඉන්ධන මිල වහාම අඩු කළ යුතුයි.ලෝකයේ වැඩිම මිලට තෙල් ගත්තේ තෙල් සංස්ථාව ඒ නිසා දැන් කොන්දේසි විරහිතව අඩු කළ යුතුයි. මාර්තු මාසයේ ඉන්ධන මිල හතර පාරක් වැඩි කළා. දැන් සමස්ත විපක්ෂ එක් විය යුතුයි.විපක්ෂ නායකගේ කාර්යභාරය ඉටුකරන්න." ලෙසයි.

එහි වීඩියෝ දර්ශන පහතින්,

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්