සද්දන්තයාගේ ප්‍රහාරයෙන් තිදරු පියා මරුට
By Ashfa
ආණමඩුව සියඹලාගස්වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු වනඅලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ 65 හැවිරිදි තිදරු පියෙක් වන අතර අදාළ පුද්ගලයා ඊයේ (02) උදෑසන 6.30ට පමණ නිවසේ සිට තම සොහොයුරාගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙසේ වනඅලි ප්‍රහාරයට ලක්ව තිබේ.
සියඹලගස්වැව ජනතාව චෝදනා කරන්නේ අලි ඇතුන්ගේ ප්‍රහාරයන්ට ලක්ව මීට පෙරද මෙම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත් ව ඇති බවත් වනඅලි හා ඇතුන් සියඹලාගස්වැව ආසන්නයේ ගම්මානවලට කඩා වදින බවත්ය.
එලෙස කඩා වදින අලි ඇතුන් 20කට ආසන්න සංඛ්‍යාවක් දිවා රාත්‍රි මෙහි සැරිසැරිම හේතුවෙන් ජන ජීවිතයේ කටයුතු අඩාල වී ඇති බව ඔවුන් පවසයි, ඒ අනුව මෙම සිදුවීම දැනුම්දීමත් සමග ආණමඩුව ප්‍රාදේශිය ලේකම්වරයාද එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.