පානදුරේ නිලංගගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බලන්න දින දෙයි

By Shehan Sep 19, 2025 10:56 AM GMT
Report

පානදුරේ නිලංග ලෙස හැඳින්වෙන නිලංග සම්පත් සිල්වා, ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සැකකරුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 26 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (19) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

මෙන්න තවත් සෙට් එකකම වත්කම් බැරකම් - අම්මෝ මෙච්චර සල්ලි කන්දරාවක්?

මෙන්න තවත් සෙට් එකකම වත්කම් බැරකම් - අම්මෝ මෙච්චර සල්ලි කන්දරාවක්?

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, එය ලබන 26 වැනිදා සලකා බැලීමට නියම කළේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පොලිස්පති, නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇත.

ඒගොල්ලො හිතාගෙන හිටියේ මේ දේශපාලනය කරන්නේ හිඟන්නෝ කියලද දන්නෑ මනුවර්ණට මරුවා ආවේස වෙයි

ඒගොල්ලො හිතාගෙන හිටියේ මේ දේශපාලනය කරන්නේ හිඟන්නෝ කියලද දන්නෑ මනුවර්ණට මරුවා ආවේස වෙයි

පෙත්සම්කාරිය වන සැකකරුගේ මව පවසන්නේ, තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි. එසේම, රැඳවුම් භාරයේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙසත් ඇය පෙත්සම මගින් ඉල්ලා ඇත.

කමාන්ඩෝ සලින්තට ගිනි අවි හා උණ්ඩ ලබාදීපු යුද හමුදා කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට

කමාන්ඩෝ සලින්තට ගිනි අවි හා උණ්ඩ ලබාදීපු යුද හමුදා කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට