හර්ෂ ද සිල්වා මුහුණදෙන තර්ජන පිලිබඳ විමර්ශනයක්...

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මුහුණදෙන බවට පැවසෙන තර්ජන සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති අතර, ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කරන ලද නියෝගයක් මතය.

එමෙන් ම, අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හර්ෂ ද සිල්වා පවසා සිටියේ මුදල් කාරක සභාවේ සභාපතිකම භාරගනු ලැබුවේ අභියෝග රැසක් මද්‍යයේ බවය.

උසාවියට පැමිණි ඇඳුම නුසුදුසුයි කී කොස්තාපල්වරයාට පහර දුන් අඹු සැමියන්...

උසාවියට පැමිණි ඇඳුම නුසුදුසුයි කී කොස්තාපල්වරයාට පහර දුන් අඹු සැමියන්...

ඔහු පවසා ඇත්තේ, තමාට කාර්යාලයක් නොමැති බවත්, සේවය කිරීමට ඇත්තේ තිදෙනෙකු පමණක් බවත් සඳහන් කර සිටි හර්ෂ ද සිල්වා ඇතැම් විට ඔවුන්ට තම පෞද්ගලික මුදලින් වැටුප් ගෙවන බව ද සඳහන් කළේය.

එමෙන්ම ගල් අඟුරු ප්‍රශ්නය, සීනි වංචාව හා මහ බැංකුවේ වැටුප් ප්‍රශ්න පිළිබඳව මුදල් කාරක සභාවෙන් දිගින් දිගටම කතා කළ බවත් පැවසු මන්ත්‍රීවරයා, තමා ප්‍රශ්න රැසකට මැදි වූ බව ද පැවසීය.

හජ් උත්සවය ලබන 17 වැනිදා...

හජ් උත්සවය ලබන 17 වැනිදා...

ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් ද එවැනිම තත්ත්වයක් ඇති වූ බවත් තමා එම සිදුවීම යට ගැසීමට උත්සාහ ගන්නා බවට පුවත් පළ වූ බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළ අතර, එවැනි දෙයක් සිදුකරනු ලබන්නේ කාගේ උවමනාවකට ද යන්නෙන් ප්‍රශ්න කර , තම ජීවිතයට යම් බලපෑමක් එල්ල වුවහොත් කථානායකවරයාට ද එහි වගකීමක් ඇති බවත් පැවසීය.