ප්‍රදේශ හතරකින් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්.

Colombo Sri Lanka Dengue Prevalence in Sri Lanka
By Hashini Oct 09, 2023 11:03 AM GMT
Hashini

Hashini

Report

කොළඹ මහ නගර සභාව පවසන්නේ කොළඹ ප්‍රදේශ 4 කින් ඩෙංගු රෝගින් වාර්තාවීම ඉහළ යමින් පවතින බවයි.

නාරාහේන්පිට, කිරුළපන, මෝදර හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලින් මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තාවම ඉහල ගොස් තිබෙනවා.

ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි පැවසුවේ අදාල ප්‍රදේශවලින් සති තුනකට පෙර දෛනිකව ඩෙංගු රෝගීන් දෙදෙනකු පමණ වාර්තා වුණ බවයි.

මේ වන විට එම සංඛ්‍යාව 5 ක් හෝ 6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වෛද්‍යවරයා පවසනවා.

වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඩෙංගු රෝගය පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු බවයි. 

ReeCha