ශිරන්ති රාජපක්ෂගෙනුයි - පාර්ලිමේන්තුවෙනුයි කෝටි ගණනක විදුලි බිලක්.

Report

රුපියල් කෝටි 07කට අධික බිලක් පාර්ලිමේන්තුව විසින් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

අද (22) පැවති අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර ශිරන්ති රාජපක්ෂගේ නමට රුපියල් 9ක බිලක් තියෙන බව ද ඔහු එහිදී සඳහන් කළා.

''ශිරන්ති රාජපක්ෂගේ නමට රුපියල් 9ක බිලක් තියෙනවා. අගොස්තු මාසයේ ඉඳලා මේ දක්වා ගෙවලා නෑ. අපි කංචනට කියනවා ශිරන්ති රාජපක්ෂගේ බිල කපලා එන්න ජනතාවගේ බිල කපන්න''   


                                                                    Sponsored By Sarrita Jewellery 


ශිරන්ති රාජපක්ෂගෙනුයි - පාර්ලිමේන්තුවෙනුයි කෝටි ගණනක විදුලි බිලක්. | An Electricity Bill Of Crores