තවත් භූ කම්පන තත්ත්වයක්.

By krishani Apr 17, 2023 05:54 AM GMT
Report

තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ රිච්ටර් මාපක ඒකක 4.0ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එය අෆ්සින් ප්‍රදේශයේ කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හටගෙන ඇති අතර නගර රැසකට එය දැනී තිබෙනවා.

ඇතැම් ජනතාව නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යොමුව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, ඉන් ජිවිත හෝ දේපළ හානි සම්බන්ධ තොරතුරු මෙතෙක් නිශ්චිතව වාර්තා වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join