කතකට පාසල් සිසුවෙක් අයුතු බලපෑම් කරලා - හොඳටම කේන්ති ගිය සැමියා පාසල් සිසුවට සිදුකළ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 20, 2023 09:54 AM GMT
krishani

krishani

Report

16 හැවිරිදි පාසල් සිසුවෙක් විසින් කාන්තාවකට අයුතු බලපෑම් කළ සිදුවීමක් සම්බන්ධයෙන් එම සිසුවාට  පහර දුන් පිරිස සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ දෙවලපොල,ගනිහිමුල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් ය.

මෙම පාසල් සිසුවා කාන්තාවක් මාර්ගයේ ගමන් කරමින් සිටිය දී ඇයට  අයුතු බලපෑම් කර තිබෙන අතර ඒ බව ඇය සැමියාට පවසා තිබෙනවා.

පසුව සැමියා කණ්ඩායමක් සමගින් පැමිණ සිසුවාව කාර් රථයකින් පැහැරගෙන ගොස් ඇත. 

එලෙස පැහැරගෙන ගිය සිසුවාට පහර දී තිබෙන බව වාර්තා වේ.

සිසුවා ඔවුන්ගෙන් මිදී පලාගොස් ඇති අතර පසුව සිය පියා සමඟ මිනුවන්ගොඩ පොලිස්ථානයට පැමිණ පැමිණිල්ලක් කර තිබෙනවා.

එලෙස පහර කෑමට ලක් වූ සිසුවාට රෝහල්ගත වීමට මිනුවන්ගොඩ පොලිසිය උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත්, සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

ReeCha