මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්.
Ranjith Siyambalapitiya
Sri Lanka
Ministry of Finance Sri Lanka
By Hashini
මුදල් අමාත්‍යංශය විසින් මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ මේ මස අවසන් වීමට පෙර හිඟ බදු ගෙවන ලෙසයි.
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ පැහැර හරින ලද සියලුම බදු ගෙවන ලෙස මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදන නිකුත් කිරීමට කටයුතු කළ බවයි.
අමාත්‍යවරයා පැවසුවේ වසර දහයක් සඳහා පැහැර හරින බදු අයකර ගැනීමට පියවර ගන්නා බවයි.
මින් ඉදිරියට බදු සහන ලබාදීමට කිසිදු පියවරක් නොගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
