අනිවාර්යයෙන් මේ දේ කළ යුතුයි.. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න.

Report

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් සිදුකර තිබෙනවා.

අනිවාර්යයෙන් මේ දේ කළ යුතුයි.. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න. | An Announcement From The Ministry Of Education

ඒ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු බවයි.

ඒ අනුව විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරන බව සඳහන් වේ.

පාසල්වල 06 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම 05වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදු කරනු ලබයි.

පෞද්ගලික අංශයේ වැටුප ගැනත් එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න..

පෞද්ගලික අංශයේ වැටුප ගැනත් එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න..


2024 වර්ෂයේ 1,5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්ති සඳහා අ.පො.ස උසස් පෙළ ද ඇතුළුව සිසුන් ඇතුළත් කිරීමට ද අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු වේ.

එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කිරීම සිදු කළ යුතු ය.

දිස්ත්‍රික්ක 04ක් පුරා වහාම ක්‍රියාත්මක කළ මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

දිස්ත්‍රික්ක 04ක් පුරා වහාම ක්‍රියාත්මක කළ මේ දේ ගැන ඔබ දැනුවත් ද?.


2023 වර්ෂයේ පන්තිවලට අදාළව සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ පාසල් වෙත යොමු නොකරන ලෙසත් සඳහන් වේ.

කෙසේ වෙතත්, පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සඳහන් කළේ ය.

Sponsored By Sarrita Jewellery

අනිවාර්යයෙන් මේ දේ කළ යුතුයි.. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න. | An Announcement From The Ministry Of Education