ඝාතනයකින් කෙළවර වූ අනියම් පෙමක්.
Sri Lanka Police
Sri Lanka
By Wayomi
ඊයේ (29) රාත්‍රී කාලයේ අයගම ඉන්නකන්ද ප්‍රදේශයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අයගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කරනු ලැබූ අතර පොලිස් නිලධාරීන් විසින් තුවාලකාරිය අයගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි වාර්තා වන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වන ඉන්නකන්ද, අයගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.
අනියම් ස්වාමිපුරුෂයා ආරවුලක් දුරදිග යාමෙන් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.
සිද්ධිය සම්බධයෙන් අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
