බෝතලයක් ඉනේ සඟවාගෙන ගිය කෙනෙක් නොහිතපු අනතුරකට මුහුණ දීලා..

Badulla Accident Latest Headlines Decision Making
By krishani Aug 30, 2024 02:52 PM GMT
krishani

krishani

Report

බෝතලයක් ඉනේ සඟවාගෙන මහමග ගමන්ගත් පුද්ගලයෙකු බෝතලයත් සමඟ ගල්තලාවක් මත ඇද වැටී තිබෙනවා. 

එහිදී එම බිඳී ගිය බෝතලයේ කොටසක් ඔහුගේ උදරයේ ඇනීමෙන් බරපතල තුවාල ලබා අද (30) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

අනේ.. චීස් රෝල් දෙකක් නිසා මවක් හඬා වැටෙයි.. වෙලා තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්..

අනේ.. චීස් රෝල් දෙකක් නිසා මවක් හඬා වැටෙයි.. වෙලා තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්..


මෙසේ තුවාල ලබා ඇත්තේ ඇකිරිය ගම්මානයේ පදිංචි වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයෙක් වේ.

කිසියම් අවශ්‍යතාවයක් සඳහා මොහු වීදුරු බෝතලයක් ඉනෙහි සඟවාගෙන තවත් මිතුරෙකු සමඟ කැලෑබද මාර්ගයක් ඔස්සේ ගමන් ගනිමින් සිට ඇත.

එම ගමන් ගත් මාර්ගයේ තිබූ ගල්තලාවක් මත දී ඔහු බිම ඇද වැටී ඇත.

එලෙස ඇද වැටීමත් සමඟ ඉනේ තිබූ බෝතලය පුපුරා එහි කොටසක් උදරයෙහි ඇනි ලේ ගලන්නට පටන් ගෙන තිබෙනවා.

ඒ අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ මිතුරා උදරයේ සිරව තිබූ කැඩුණු බෝතලයේ කොටස එලියට ඇද දමා ඇත.

නොහිතපු වෙලාවක, වහලයෙන් මතු වුණ සිරුර..

නොහිතපු වෙලාවක, වහලයෙන් මතු වුණ සිරුර..


පසුව එම ස්ථානයෙන් රුධිරය වහනය වීමත් සමඟම ඔහු රෝහලට රැගෙන ගොස් තිබෙනවා.