බිලියන 2ක් ගසාකාපු හිටපු ඇමතිවරුන්ටත් වැඩ වරදී

Report

උතුරු මැද පළාත් සභාවේ 2015-2019 කාලයේ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් රජයට රුපියල් බිලියන 2ක (මිලියන 2000ක) අධික පාඩුවක් සිදුව ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ මෙම කාරක සභාවේදී මෙම තොරතුරු හෙළි වූ අතර, මාර්ග 42කට අදාළ කොන්ත්‍රාත් 629ක් එකම ආයතනයකට එනම් ‘කාන්ති කන්ස්ට්‍රක්ෂන්’ ආයතනයට ටෙන්ඩර් කැඳවීමකින් තොරව පිරිනැමීම හේතුවෙන් රුපියල් මිලියන 2934කට (බිලියන 2.93කට) ආසන්න වියදමක් සිදු වී ඇති බව වාර්තා වේ. මෙය ශ්‍රී ලංකාවේ මාර්ග දූෂණවලින් විශාලතමයක් ලෙස COPA සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබේ.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා ඇතුළු පිරිස මෙම ආයතනයට වාසි සහගත වන පරිදි කාරක සභා වාර්තා සකස් කිරීම, බොරලු තට්ටුව අඟල් හයක් විය යුතු බවට පැවති ඇස්තමේන්තු අඩි දෙකක් ලෙස සංශෝධනය කිරීමෙන් පාර්ලිමේන්තුව නොමඟ යැවීම ඇතුළු චෝදනා මෙහිදී එල්ල විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පෙන්වා දුන් පරිදි, 2015 ජුනි 17 වැනිදා එවකට මහ ඇමැතිව සිටි පේෂල ජයරත්න මහතා කොන්ත්‍රාත්කරු සමඟ රැස්වීම් මෙහෙයවා පක්ෂග්‍රාහී ලෙස ක්‍රියා කර ඇති බවත්, 2016දී මුදල් ගෙවීමට නිලධාරීන්ට බලපෑම් එල්ල කිරීම, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස තම හිතවතෙකු පත් කිරීම තුළින් දූෂණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස් ඇති බවත් හෙළි විය.

මීට අමතරව, රුපියල් මිලියන 1.09ක වටිනාකමකින් යුත් ත්‍රිපෝෂ මලු 77ක් (පැකට් 2310ක්) අස්ථානගත වී ඇති අතර, කල් ඉකුත්වීමට ආසන්න රුපියල් මිලියන 23ක ත්‍රිපෝෂ තොග කුඩා දරුවන් හා මව්වරුන්ට බෙදා දී ඇති බවද අනාවරණය විය.

පළාත් සභාවට අයත් ගොඩනැඟිල්ලක කඩකාමර 53ක් බදු දීමේදී රුපියල් මිලියන 66ක කුලී මුදල් හා මිලියන 9ක විදුලි ගාස්තු මෙතෙක් අයකරගෙන නොමැති බවද හෙළි වී තිබේ.

මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා පෙන්වා දුන් පරිදි, මෙවැනි දේශපාලන බලපෑම් හේතුවෙන් උතුරු මැද පළාතේ අධ්‍යාපනය පවා පහළ මට්ටමකට වැටී ඇති බවත්, හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා විසින් පත් කළ නිලධාරීන් හරහා දූෂණවලට නීත්‍යානුකූල බවක් ලබා දීමට උත්සාහ කර ඇති බවත් සාකච්ඡා විය.

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

2019දී පවා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පක්ෂග්‍රාහී ලෙස කාරක සභා කැඳවා මෙම දූෂණවලට අනුග්‍රහය දක්වා ඇති බවට චන්දන සූරියආරච්චි මහතා ඇතුළු මන්ත්‍රීවරු චෝදනා කළහ.

පළාත් සභා නිලධාරීන් පරස්පර අදහස් දැක්වූ අතර, විමර්ශන පවත්වන බව පිළිගත්හ. මෙම දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය සෘජුවම වගකිව යුතු බව COPAවිසින් අවධාරණය කර තිබේ.

"විජිත සහෝදරයා කියපු දේ විදෙස් නියෝජිතයින්ට තේරුණා.. අනිත් උන්ට තේරුනේ නැහැ කියල අපිට කරන්න දැයකුත් නැහැ" - මන්ත්‍රී ලක්ෂ්මන්

"විජිත සහෝදරයා කියපු දේ විදෙස් නියෝජිතයින්ට තේරුණා.. අනිත් උන්ට තේරුනේ නැහැ කියල අපිට කරන්න දැයකුත් නැහැ" - මන්ත්‍රී ලක්ෂ්මන්

අද දවසේ ලග්න පලාපල මෙන්න

අද දවසේ ලග්න පලාපල මෙන්න