වහාම බස් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන්න - ඉහළ ගිය තෙල් මිල හේතුවෙන් අර්බුදයක්

Report

අද (10) දින පෞද්ගලික බස් රථ හිමියන් විසින් හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ මෙම හදිසි සාකච්චාව සූදානම් වී ඇත.

ඩීසල් මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ යාම හේතුවෙන් බස් රථ ධාවනය කිරීමේ පිරිවැය අධික වී ඇති බවත්, ඉන්ධන මිලට සමගාමීව බස් රථ අමතර කොටස්වල මිල ද ඉහළ යන බැවින් ගාස්තු සංශෝධනයක් අත්‍යවශ්‍ය බවත් බස් සංගම් පවසයි.

තෙල් මිල ඉහළ යෑමෙන් බස් ගාස්තු වෙනස් වෙයිද? ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

තෙල් මිල ඉහළ යෑමෙන් බස් ගාස්තු වෙනස් වෙයිද? ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

පවත්නා තත්ත්වය හමුවේ බස් කර්මාන්තය පවත්වාගෙන යාමට නම් ගාස්තු ඉහළ නැංවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔවුන් පෙන්වා දෙයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ ඩිසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බවය.

මේ අතර, ඉන්ධන මිල ඉහළ යාම තමන්ට ද දැඩි ලෙස බලපා ඇති බව පවසන සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගම් ද සඳහන් කරන්නේ, ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පැය කිහිපය ඇතුළත අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

සිපෙට්කෝ මිලට සාපේක්ෂව සිනොපෙක් සහ IOC ඉන්ධන මිලත් ඉහළට - නව මිල මෙන්න

සිපෙට්කෝ මිලට සාපේක්ෂව සිනොපෙක් සහ IOC ඉන්ධන මිලත් ඉහළට - නව මිල මෙන්න