නොහිතපු වෙලාවක, වහලයෙන් මතු වුණ සිරුර..
ඊයේ (29) පස්වරුවේ දී කැකිරාව ඔළුකරඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් වහලය මත තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
ඒ බව පොලිසිය පැවසුවේ ය.
ඒ ඊයේ කැකිරාව පොලිසියට ලද තොරතුරක් මත ය.
ඒ අනුව සිදු කළ විමර්ශනයේ දී වසා දමා තිබූ කඩ කාමරයක කොන්ක්‍රීට් වහලය මත තිබී මළ සිරුර සොයාගෙන ඇත.
එම මිය ගොස් සිටි පුද්ගලයා දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 44 හැවිරිදි අයෙක් වේ.