අනේ.. චීස් රෝල් දෙකක් නිසා මවක් හඬා වැටෙයි.. වෙලා තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්..

Report

රුපියල් 1568 ක් වටිනා චීස් රෝල් දෙකක් සොරකම් කළේ යැයි වරද පිළිගත් කාන්තාවකට අධිකරණය විසින් ඇප නියම කර තිබෙනවා.

එම සොරකම සිදුකර ඇත්තේ කෑගල්ල නගරයේ සුපිරි වෙළඳසලකින් ය.

ප්‍රබලයෙක් එකවරම සජිත් හමු වෙලා.. ඊට පස්සේ අනුරත් හම්බ වෙන්න ගිහින්.. මොකක්ද මේ වුණේ?.

ප්‍රබලයෙක් එකවරම සජිත් හමු වෙලා.. ඊට පස්සේ අනුරත් හම්බ වෙන්න ගිහින්.. මොකක්ද මේ වුණේ?.


මෙලෙස ඇප නියම කෙරුණේ මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක් වන මවකට වේ.

ඒ අනුව ඇය අධිකරණය ඉදිරියේ පවසා සිටියේ, ''දරුවා චීස් කන්න ආසයි. අරන් දෙන්න විදිහක් තිබුණේ නෑ. ඒකයි විස් රෝල් දෙකක් සොරකම් කළේ. වරද පිළි ගන්නවා ස්වාමිනි'' යනුවෙන් ය.

ඇය කරඬුපන ප්‍රදේශයේ වෛද්‍යවරයකුගේ නිවෙසකට සතියකට දින කිහිපයක් ගෘහ සේවිකාවක ලෙස සේවය කිරීමට පැමිණ තිබෙනවා.

එහිදී වෛද්‍යවරයාගේ නිවසට අවශ්‍ය කරන ආහාර රැගෙන යාමට කෑගල්ල නගරයේ සුපිරි වෙළඳසලකට ගොස් ඇත.

ඇය එහි රාක්කයක අසුරා තිබූ විස් රෝල් දෙකක් සිය අත් බෑගයට දමා ගෙන ඇත.

ඒ බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව වෙළඳසලේ CCTV දර්ශන ඔස්සේ එහි සේවක සේවිකාවන් විසින් මෙම සිදුවීම දැක ඇත.

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර හෙට කරන්න යන දෙය මෙන්න..

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර හෙට කරන්න යන දෙය මෙන්න..


පසුව අදාළ කාන්තාව අල්ලාගෙන කෑගල්ල මූලස්ථාන පොලිසියට භාර දී තිබෙනවා.

පසුව සැකකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් පොලිසිය ඇය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (28) ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත්, අදාළ නඩුව නොවැම්බර් 04 වැනිදා ට යළි කැඳවන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය චීස් රෝල් දෙක අදාළ සුපිරි වෙළඳසැලට භාර දෙන ලෙසට දැනුම් දී තිබෙනවා.