ඇමරිකාවටත් ප්‍රබල භූකම්පනයක්
By R.rishma
අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපය ආසන්නයෙන් රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයක් සහිත භූකම්පනයක් සිදුවී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක් පමණ ගැඹුරක සටහන් වී ඇති අතර, එහි ආඝාතය කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ ලොස් ඇන්ජලීස් ප්‍රදේශවලටද දැනී ඇතැයි සඳහන් වේ.