වස්ති ප්‍රඩක්ෂන් දුලාජ් උතුම් පිය පදවිය ලබයි - බිළිදුගේ සුරතල් ඡායාරූප පෙළක් එළියට [PHOTOS]
බොහෝ දෙනෙක් ආදරය කරන, ඒවගේම හාස්‍ය උත්පාදක වීඩියෝ හරහා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ වස්ති ප්‍රඩක්ෂන් එකේ කොයි කවුරුත් දන්න චරිතයක් තමයි දුලාජ් කියන්නේ.
ඉතින් ඔහු ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගන්න ආකර්ෂණීය තරුවක් බවට පත්වුණේම ඔහුගේ දක්ෂතාවය නිසාමයි.
ඉතින් පසුගිය කාලයේදී විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු දුලාජ් මේ වෙද්දී ජීවිතයේ තවත් සුවිශේෂී පියවරකට පා තැබුවා කියලත් ආරංචි වෙනවා.
අප්‍රේල් මාසේ මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා - කවුරුත් ආදරය කරන අභිෂේකා කලාවෙන් තාවකාලිකව සමුගනී හේතුව මෙන්න
ඒ අනුව දුලාජ්ට උතුම් පිය පදවිය ලබන්න වාසනාව ලැබිලා. ඉතින් ආදරණීය පිය පදවිය ලැබූ මොහොතේ ඔහුගේ බිළිඳුගේ ඉතාමත් ලස්සන ඡායාරූප කීපයක්ම සමාජ මාධ්‍ය ගිණුමට එක්කොට තිබුණි.
ඉතින් බොහෝ දෙනෙක් මේ අවස්ථාවට ඔවුන් වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අතර වස්ති ප්‍රඩක්ෂන් එකේ ප්‍රධාන චරිතයක් වන අනුෂ්කත් හදවතින්ම තමන්ගේ අතිජාත මිත්‍රයාට සුබ පතන්න අමතක කරලා තිබුණේ නැහැ.
ඉතින් අපිත් දුලාජ්ට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.



