දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් වලට මුද්‍රා තැබේ.

Covid Bar Isolating Surabadu department
By Aruna Jun 01, 2021 07:45 AM GMT
Report

 දිවයිනපුරා පිහිටි මත්පැන් අලෙවිහල් 4,500ටම මත්පැන් අලෙවි කිරීමට නොහැකි වන ලෙස මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (31 වැනිදා) පියවර ගෙන තිබෙනවා.

සංචරණ සීමා පැනවූ මුල් අවස්ථාවේදී දකුණ හා මධ්‍යම පළාත්වල අලෙවිහල්වලට මුද්‍රා තැබුණා.

වසා දමා ඇති මත්පැන් අලෙවිහල් මගින් මත්පැන් විකුණන බවට ලැබුණු පැමිණිලි මත මෙලෙස රටේ සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තැබු බවයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවැසුවේ.