මත්පැන් වලට ලඟදීම වෙන්න යන දේ මෙන්න..මිලත් වෙනස් වෙයි?.
මෙරට මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට ජනතාවගේ ඇති උනන්දුව ද මැත්පැන් පරිභෝජනය අඩුවීමට හේතුවී ඇතැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ.
ආනයන සීමා පැනවීම හේතුවෙන් විදෙස් මත්පැන්වල මිල ඉහළ යා හැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර ආහාර පාලන අධිකාරියේ අනුමැතිය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියද හිමි ව සතොසට නිකුත් කළ සැමන් ටින් ලක්ෂ ගණනක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය වෙයි.
ආනයනකරුවන් විසින් නිදහස් කර නොගැනීම නිසා සතොස ආයතනයට ලබාදුන් සැමන් ටින් දෙලක්ෂ විසිදහසක් සඳහා රුපියල් කෝටි පහක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට මෙතෙක් ගෙවා නැති බව ට ලැබුණු පුවතක් පිළිබඳ සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් ගෙන් විමසූ අවස්තාවේදී මේ තොරතුර අනාවරණය විය.
මෙම වසරේ ජුනි මස හත්වැනිදා ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් මෙම සැමන් ටින් සතොස වෙත ලබා දී තිබේ.
පෞද්ගලික ආනයනකරුවනකු කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්ත සමාගම වෙත ආනයනය කර තිබූ සැමන් ටින් තොගය දින විසිඑකක කාලයක් තුළ නිදහස් කරගෙන නැත.
එවැනි භාණ්ඩ වෙන්දේසි කිරීමකින් තොරව ලංකා සතොස වෙත ලබාදීමට ඇමැති මණ්ඩල තීරණයක් ලබාගෙන තිබේ.
රුපියල් 325ක් ලෙස මිල සටහන්ව තිබූ සැමන් ටින්එකක් සතොස ආයතනයට අලෙවි කර ඇත්තේ රුපියල් 225කටය.
මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවස්ථා කිහිපයකදී සතොස දැනුවත් කර ඇතත් මේ වන තෙක් මුදල් ලැබී නැත.
මේ පිළිබඳව සතොස සභාපතිගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ මෙම සැමන් පරිභෝජනයට නුසුදුසු බවට පැමිණිලි ලැබුණු බවයි.
එම නිසා අලෙවිය නතර කළ අතර අලෙවි කළ සැමන්වලට පමණක් අදාළ මුදල වරාය අධිකාරියට ගෙවීමට කැමැත්ත පළ කරමින් වෙළෙඳ අමාත්‍යාංශය දැනුවත් කළ බවද ඔහු කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
