අකිල ධනුද්දරගේ ආරන්‍යා චූටි දුවගේ 2 වෙනි උපන්දිනය වෙනුවෙන් කරපු ආදරණීය ෆොටෝශූට් එක (PHOTOS)

Photo shout Akila danuddara Anthony family sajitha anthony
By Sithumi Jan 18, 2022 06:12 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි අකිල ධනුද්දර කියලා කියන්නේ. ඉතින් ඒ වගේම කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන ඔහුව කඩවසම් නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුලුවන්.

ඉතින් මේ රංගනයට ගායනයට නර්තනයට නිවේදනයට උපන් හපන්කම් කියන අකිල ධනුද්දර විවාහ වුනේ සුරූපී තරුණියක් වන එමී සමඟයි. ඉතින් ඒ වගේම ඔහු දැන් හුරතල් පුංචි දියණියක් ඉන්න ආදරණීය තාත්තා කෙනෙක්. ඉතින් මේ වනවිට සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම අපට අහන්නට දකින්නට ලැබෙන මේ පුංචි පවුල ගැන නොදන්නා කෙනෙක් නෑ. ඔහුගේ චූටි දියණියගේ නම තමයි සකි ආරණ්‍යා ඇන්තනී. ඉතින් මේ පුංචි දෝනිගේ උපන්දිනය අද දිනට යෙදිලා තියනවා.

ඉතින් ඒ වෙනුවෙන් අකිල ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ආදරණීය සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මගේ ජීවිතේ ඔයා නිසා ලස්සනා උනා, අලුත් උනා ඔයා අත්තටම දිව්‍යලෝකයෙන් ආපු සුරංගනාවීයක්. ඇත්තමයි, අප්පච්චියි අම්මයි මට මගේ ජීවිතේ දුන්නට පස්සේ මට දුන්න ලොකුම තෑග්ග දුන්නේ ඔයා. ඒ තමයි මගෙ දුව. දුව ඉපදුනේත් 1st Anniversary දවසෙ මයි. සුරංගනාවීයො පොළවට බහින්නෙ සුභ නිමිති බලලා

. ඔයා තමයි මගේ ජීවිතේ සුරංගනා ලෝකයක් කරේ, කරදර ප්‍රශ්න කියන දේවල් කාටත් පොදුයි ඉස්සරහටත් එහෙමයි. මොන දේ උනත් ඒ හැමදේටම ඔයා මත් එක්ක ඉන්නවා කියල මම දන්නවා. මාත් එහෙමයි මට පුලුවන් උපරිමයෙන් ඔයාගේ ලෝකෙත් මම සුරංගනා ලෝකයක් කරනවා කරනවාම තමයි එකේ අයෙ දෙකක් නෑ. ආදරෙයි මගෙ පණ කියලයි අකිල ධනුද්දර ඒ විදිහට ආදරණීය සටහනක් එකතු කරමින් පවසලා තිබුනේ.

ඉතින් ඒත් එක්කම පුංචි ආරන්‍යා දෝනිගේ දෙවෙනි උපන්දිනය වෙනුවෙන් මේ ආදරණීය පුංචි කැදැල්ලේ හැමෝම එකතුවෙලා බොහොම ලස්සන අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවත් අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ ආදරණීය සුන්දර අවස්ථාවේදී ඔවුන්ව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන සශේන් මිහිරංග ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ අද දින උපන්දිනය සරණ අරන්‍යා පුංචි දෝනිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

සියලු ඡායාරූප පහත වීඩියෝවෙන් නරඹන්න.



ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery