තවදුරටත් අවසර නොමැති කටයුතු ගැන පොලීසියෙන් පැහැදිලි කරයි

covid19 isolated ajith rohana quarantine rules
By Sewvandhi Jun 26, 2021 02:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන රීති උල්ලංඝනය කිරීමට අදාළව ගතවූ පැය 24 තුළ තවත් පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංචරණ සීමා ඉවත් කර රට විවෘතව පැවතියත් නිරෝධායන රීතිවලට අනුගතව ජනතාව කටයුතු කළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් නිර්ණායක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය 20 වනදා නිකුත් කළ බවද ඔහු පෙන්වා දෙයි. පොදු ප්‍රවාහන සේවා, කඩ සාප්පු පවත්වාගෙන යෑම, අනෙකුත් ආයතන පවත්වාගෙන යෑම සහ ජනතාව නිවෙස්වලින් පිටතට පැමිණීමේදී ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළයුතු බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 43,855 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර ඊයේ ගල්කිස්ස ප්‍රදේශයේ දී ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සෞඛ්‍ය නිර්ණායක අනුව සම්භාහන මධ්‍යස්ථාන, සිනමාහල්, ඔට්ටු තබන ස්ථාන, සමාජශාලා, බාර්, එළිමහන් හෝ ගෘහස්ථව පැවැත්වෙන සාද වැනි දෑ පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බවද ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now