තාවකාලිකව පැනවූ ගුවන් මගී තහනම

covid19 sri lanka quarantine air ban transit
By Sewvandhi Jun 28, 2021 01:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාව පුරා පැතිර පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත රටවල් 08ක සිට පැමිණෙන ගුවන් මගීන්ට එළඹෙන ජූලි 01 වනදා සිට එම මස ජූලි 31 වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් මීට අයත් වේ. එම රටවල මීට දින 14 කට පෙර සංචාරයේ යෙදී සිටි ගුවන් මගීන්ට සහ එම රටවල් ඔස්සේ (Transit) පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට එම තහනම අදාළ වේ.

එම රටවල සිට පැමිණෙන ගුවන් මගීන් මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් වළකින ලෙස අදාළ ගුවන් සමාගම්වලට ද මේ පිළිබඳව දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තේමිය අබේවික්‍රම මහතා පැවසීය.

එහෙත් මේ වනවිටත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පිටත් වී ඇති ගුවන් මගීන්ට අද දින සිට ජූලි 01 වනදා දක්වා සහන කාලයක්, එම ගුවන් මගීන් පත්වෙන අපහසුතාවය සලකා ලබාදී ඇති බව ද ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha