රටේ ගැහැණු ළමයින් පරිස්සම් කරගන්න... නව තාක්ෂණයෙන් කරන සෙල්ලමක් ගැන හෙළිදරව්වක්....
“සම වයසේ ගැහැනු දරුවන්ගේ ඡායාරූප අරන් AI තාක්ෂණයෙන් ඒවා නිරුවත් කර මිතුරන් අතරේ බෙදා හැරීම (ෂෙයාර් කිරීම) සම්බන්ධයෙන් අධිකාරියට පැමිණිලි ලැබෙමින් තිබෙන බවට ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය මාධ්‍ය හමුවකදී පැවසුවාය.
මේ නුසුදුසු ක්‍රියාව සිදු කරන්නේ වයස අවුරුදු 13, 14, 15, 16, 17 යන වයසේ පසුවන පිරිමි දරුවන් යැයි පැවසු ඇය, බොහෝ ගැහැනු දරුවන්ගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවද ඇය කියා සිටියාය.
මාදිවෙල ජාතික ළමාරක්ෂක අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ ඇය මෙසේද කීවාය.
“AI තාක්ෂණය භාවිත කරලා අර සම වයසේ ගැහැනු දරුවන්ගේ නිරුවත් ඡායාරූප සකස් කරලා අන්තර්ජාලයට දැම්මේ ඇයි කියලා ඇහුවම ඒ අය කියන්නේ, ඒක අත්හදා බලන්න ජෝක් එකට කළා කියලා. ඒ පිරිමි ළමයි හා ගැහැනු දරුවන් සම වයසේ යාළුවන්. මේ ඉන්න ගමන් ඡායාරූප අරන් AI තාක්ෂණය භාවිත කරලා කරන දේවල්.. මේවකින් අපි හැමෝම දැනුවත්ව ඉන්න ඕනි"
