සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ සිසුන්ට ජාතික හැඳුනුම්පත් තහවුරු කිරීමේ ලිපි ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් හට මාර්තු 15 වන දින (සෙනසුරාදා) පෙ.ව. 8.30 සිට දහවල් 12.30 දක්වා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ජාතික හැඳුනුම්පත් තහවුරු කිරීමේ ලිපි ලබා ගැනීමේ හැකියාව පවතින බව දැනුම් දී තිබෙනවා.
එසේම ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව සහ නුවරඑළිය යන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ශාඛාවලින් ජාතික හැඳුනුම්පත් තහවුරු කිරීමේ ලිපි ලබා ගත හැකි බවද සඳහන් කරනු ලැබුවා.