ලංකාවම සංවේදී වුණ අග්බෝට ආයෙමත් වෙඩි - ජිවිතය අනතුරේ?.(VIDEO)
Shooting
Sri Lanka
By krishani
අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ දී අග්බෝ හස්තියාට යලිත් වෙඩි වැදී තිබෙනවා.
වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ මීට සතියකට පමණ පෙර එම හස්තියා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවට විශ්වාස කරන බවයි.
ඒ අනුව අග්බෝ හස්තියාගේ සිරුරේ උණ්ඩ පහක් පමණ තිබී ඇති අතර එම තුවාල සදහා වනජීවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් විසින් ප්‍රතිකාර ආරම්භ කර ඇත.
කෙසේ වෙතත්, පසුගිය ජුනි මාසයේ දී විශාල ප්‍රමාණයේ දිගු දළ යුගලයක් සහිත අඩි 10ක් උසැති අග්බෝට බදින තුවක්කුවක් පත්තු වීමෙන් පාදයකට බරපතළ තුවාල ලබා සිටිය දී සොයා ගැනුණේ.
වීඩියෝ දර්ශන - Rupavahini News YouTube Channel
